සෞඛ්‍ය රියදුරන්ගේ වැටුප මට වඩා වැඩියි..- රාජිත

November 25, 2016 at 8:02 am | lanka C news
සෞඛ්‍ය රියදුරන්ගේ වැටුප මට වඩා වැඩියි..- රාජිත

ඇතැම් වෘත්තීය සමිති කථා කරන විමුක්තිය ඔවුන් ලග නොමැති බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවක රියදුරන් 82 කට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘වත්මන් රජය රැකියා ලබාදුන්නා ද කියා ඇතැම් පිරිස් විමසනවා. මම කියන්න කැමැතියි 2015 ජනවාරි 08 න් පසු සෞඛ්‍ය අමාත්‍යාංහය පමණක් රැකියා දසදහසක් පමණ ලබාදී තිබෙනවා. වෛද්‍ය, හෙද හෙදියන්, ආනකුත් කාර්ය මණ්ඩල ඒ අතර ප‍්‍රධාන වෙනවා. රාජ්‍ය සේවයේ කටයුතු කිරීෙමි දී ගැටළු සහ දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. ග‍්‍රාමිීය ප‍්‍රදේශවල සෞඛ්‍ය සේවාව විධිමත්ව සිදු කිරීම තුලින් සෞඛ්‍ය දර්ශක ඉදිරියට ගෙනයාමට පිටිවහලක් ලැබෙනවා. වර්තමානයේ තරුණ තරුණියන් අතර ග‍්‍රාමිීය රැකියා වලට යොමුවීම අවම වී තිබෙනවා. රබර් කිරි කැපීම, තේ දළු නෙලීම, ගොවිතැන් කටයුතු වැනි ග‍්‍රාමිය රැුකියා වලට යොමුවීම ලැඡු්ඡුාවට කරුණක් බව ඔවුන් දකිනවා. දේශපාලනඥයින් හමු වී ඉල්ලා සිටින්නේ රජයේ රැකියාවක් ලබාදෙන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබන්නන් රෝගීන් සමග තමයි කටයුතු කළ යුතු වන්නේ. හැබැයි එය සුන්දර නැහැ. පිං ලැබෙන රාජකාරියක්. රාජකාරිය දේව කාර්යයක් ලෙස සැළකිය යුතුයි. කිසියම් පුද්ගලයෙකු ජාන තාක්ෂණයෙන් සියළු රෝග නිවාරණය කල හැකි ඖෂධයක් නිෂ්පාදනය කළ හොත් සෞඛ්‍ය රැකියා අවසන් වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අවසන් වෙනවා. එම නිසා රෝගීන්ට හොදින් සළකන්න. සෞඛ්‍ය අමාත්‍යාංහය තුල වෘත්තීය සමිති 150 ක් පමණ තිබෙනවා. ඒ අතර බෝඩි ලෑල්ලටත් සීමා වූ වෘත්තීය සමිති ඉන්නවා. ඔවුන් කථා කරනවා පමණයි. විමුක්තියක් නැහැ. ලිං මැඩි චින්තනයෙන් පමණයි කටයුතු කරන්නේ. එවැනි පුද්ගලයින් ඉන්නා රටකට ආයෝජකයින් පැමිණීම පිළිබදව ද සතුටු විය යුතුයි. ඔවුන්ගේ මතවාදය වෙනස් වෙන්නේ නැහැ. නව රැකියාලාභීන්ට ධර්මය දේශනා කරන්න ඇතැම් වෘත්තීය සංගම් හරි දක්ෂයි. එම වෘත්තීය සංගම් න්‍යාය ධර්ම පමණක් මුල්කර ගනිමින් කටයුතු කරනවා. රැකියා නොමැති දසලක්ෂයක් පමණ පිරිසක් ශ‍්‍රී ලංකාෙවි සිටිනවා. ඇතැම් සෞඛ්‍ය රියදුරන් සිටිනවා මගේ වැටුපටත් වඩා වැටුප් ගන්න අය. හැබැයි නීති රීති කැඩුවොත් මම නම් උදවු කරන්නේ නැහැ.”

– නිපුන් ඒකනායක

27 views