සෞඛ්‍ය ලේකම්වරයා වසංගතයේ තොරතුරු වසං කිරීමට උත්සාහයක යයි චෝදනා..

May 22, 2021 at 1:20 pm | lanka C news
සෞඛ්‍ය ලේකම්වරයා වසංගතයේ තොරතුරු වසං කිරීමට උත්සාහයක යයි චෝදනා..

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක්.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව  මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත නිකුත් කර තිබේ. කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස වර්ධනය වෙමින් පවතින අවස්ථාවක විවිධ මූලාශ්‍ර ඔස්සේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් වසංගත තොරතුරු වසං කිරීමට බලධාරීන් ගන්නා මෙම උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් හෙළා දකි.

මෙවැනි අනතුරු ඇඟවීම් හරහා නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන අතර, ජනමාධ්‍යයට විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියට ද බාධා කරයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංගම් අයිතිවාසිකම්ලට මෙන්ම සංවිධානගත වීමේ අයිතියට ද අහිතකර බලපෑම් ඇති කරයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආයතන සංග්‍රහයේ රෙගුලාසිවලට ඉහළින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියකි. තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියක් බවට පත්වී ඇති අතර 2016 වසරේ සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු සඳහා ඇති ප්‍රතිපත්ති සම්බන්ධ නව දැක්මක් ඇති විය. එහෙයින් යල් පැනගිය ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන වහා වෙනස් කළ යුතු ඒවා බවට ලඝු කළ යුතු ඒවා වන අතර ජනතාව වෙනුවෙන් තමන් සතු තොරතුරු හෙළිදරව් කරන නිලධාරීන් මර්දනයට යොදා ගත යුතු ඒවා නොවේ.

කොවිඩ් 19 වසංගතය පාලනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීය සංගම්, කණ්ඩායම් ප්‍රධානීන් තමන් දන්නා තොරතුරු,  ගැටලු හා යෝජනා අනාවරණය කිරීම සිදු කරයි.  සෞඛ්‍ය ප්‍රතිපත්ති නිවැරැදි‌ව ක්‍රියාත්මක නොවේ නම් ජනතාවට, රටට විශාල බරක් වී ඇති මෙවැනි වසංගත තත්ත්වයකදී ඒවා රටට අනාවරණය කොට  නිවැරැදි මඟට ගැනීම කළ යුතුය. රට මුහුණ දී සිටින්නේ යල් පැන ගිය විධිවිධාන බිඳ දමා, සියලු නිලධාරීන් සමාජ වගකීමක් සහිතව කටයුතු කළයුතු අවස්ථාවකටය. ලේකම්වරයා දැනුම් දී ඇති ආකාරයට  සත්‍ය තොරතුරු ඇත්නම් ඒවා වසං කොට මහජනයාගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමෙන් පලක් නැත. එහෙයින් මාධ්‍ය වෙත තමන් සතු තොරතුරු ඉදිරිපත් කරන සෞඛ්‍ය වෘත්තීය සංගම් හා වෙනත් නිලධාරීන් නිවැරැදි නොවන තොරතුරු හා දත්ත ඉදිරිපත් කරන්නේ යැයි චෝදනා කොට ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පෙන්වා ඔවුන් මර්දනය කිරීමට ගන්නා උත්සාහයෙන් වළකින ලෙස සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටී.

30,673 views

10 Comments to “සෞඛ්‍ය ලේකම්වරයා වසංගතයේ තොරතුරු වසං කිරීමට උත්සාහයක යයි චෝදනා..”

  1. Rania says:

    Madhya nidahasa kiyanne one gonekta media issarahata awilla onama boruwak kiyala pora wena ekada? Nathi awul athi karana ekada. Rajaye sevakayo tamange Inala nilahariyata bandi sitinawa. Gataluwak thiyenawanam ihala niladhariyata kiyanna one. Eeta passe eka adala than walata yanawa. Mehema eka ekata one widihata kiyanna giyahama winayak nathi wenawa. Ekata karana thiyenne job eken ain wela thamanta one walpal kiyana eka

    • අලි ඔස්තාර් අලි ෆකීර් says:

      සිංහල ඇප් එක බාගත කරගන්න යාලුවා.

  2. ගමරාළ says:

    වසන්ගතය පටන්ගැනුනු මුල් අවස්ථාවෙම කලයුතුව තිබුණු දෙයක් දැන්වත් කරපු එක ලොකුදෙයක් නැත්නම් කොල්ලායි බල්ලයි හැම එකාම මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ලකුණු දාගන්න උත්සාහ කරනවා, අන්තිමේ අපිට කාව විස්වාස කරන්නද කියලා හිතාගන්න බැ. ඌන් ඌන් ම කුලල් කා ගනිද්දී ලෙඩ්ඩුන්ට අඹසරණයි දැන් මාධ්‍ය ඉස්සරහ පොරවල් නොවි තම තමන්ට පැවරිලා තියෙන රාජකාරිය හරියට කරා නම් හරි.

    • Wasaa says:

      විලි බිය නසා චීනට රට විකුනන්න
      චන්දය දුන්න පරයිනි මේ අහපන්න
      දරු මුණුපුරු සමග පරපුර වැනසෙන්න
      හෙන පිට හෙන වැදීයන් ඔලු කුඩුවෙන්න

      චීනට මගේ රට පාවා දුන්නු එකා
      අතයට මුදල් ගෙන චන්දය දුන්නු එකා
      මිනිසුන් මැරෙද්දී රට නොවසාපු එකා
      දෙවියනි දමනු මැන මේ මිහිපිටින් මකා

      • වස්සාගේ කුලප්පුව...! says:

        දශක හතක් ඉක්මවා ශ්‍රී ලංකාව බටහිර කොළනියක්ලෙස පවත්වාගෙන යාමට කටයුතුකරනලද ”බටහිර බයියන්ගේ” මර ළතොනිය හෙවත් රට නිදහස්කරගැනිමට විරැද්දව වස්සාගේ කුලප්පුව…!

  3. rr says:

    අපො හලි නලකය්😑

  4. Ravana parapura says:

    දැන්වත් අපේ හෙළ වෙදකමට බැහැ පල්ලා හැමදාම බොරු කියන්න බැහැ.

  5. damian says:

    රජයේ සේවයේ නීති රීති ගැන වත් නොදන්නා තොත්ත නිදහස් මාද්‍ය හරක් .

  6. Hora Weda says:

    It is a clear violation of the “Right to Information Act” No.12 of 2016. Anybody has the right to know any credible information.

  7. මේ ලියන අදහස් වලින් තේරුම් ගත හැකි ලංකාවේ මහජනයාට පාලකයන් කොතරම් දුරට එපා වෙලාද කියලා. කනගාටුදායක තත්වයක්.