සෞඛ්‍ය ලොක්කන් විදෙස් සමාගමක් හා එක්ව මහා ජාවාරමක්.. 2000 කට්ටලට 4000ට අරන්.. 40කගෙන් ප‍්‍රශ්ණ කරයි..

January 2, 2021 at 11:20 am | lanka C news
සෞඛ්‍ය ලොක්කන් විදෙස් සමාගමක් හා එක්ව මහා  ජාවාරමක්.. 2000 කට්ටලට 4000ට අරන්.. 40කගෙන් ප‍්‍රශ්ණ කරයි..

– aruna.lk

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, වෛද්‍යවරුන් හා ජාත්‍යන්තර සමාගමක් එක්ව කරගෙන ගිය පී.සී.ආර්. ජාවාරමේ ටෙන්ඩර් මගඩි ඇතුළු සැඟවුණු රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධව හතළිහකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවය.

එම පිරිසට වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරින්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ද අයත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇති රුපියල් දෙදෙහසට මිලදී ගත හැකි පී.සී.ආර්. කට්ටල තිබියදී රුපියල් හාරදහසක් ගෙවා ජර්මානු සමාගමකින් පී.සී.ආර්. කට්ටල මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබිණි.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පනස්දහසක් කළ යුතු බවට රජයට යෝජනා කරමින් මෙම ජාවාරමේ නිරත වූවන් මහා පරිමාණ ගසා කෑමකට සූදානම් වී ඇතැයි හෙළිවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර කෙරිණි.

ගතවූ සති අන්තය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගිය අතර ඒ සඳහා රජය රුපියල් කෝටි 720කට වැඩි මුදලක් වියදම් කර තිබිණි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා
– aruna

27,493 views

24 Comments to “සෞඛ්‍ය ලොක්කන් විදෙස් සමාගමක් හා එක්ව මහා ජාවාරමක්.. 2000 කට්ටලට 4000ට අරන්.. 40කගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. NoCorena says:

    “Wetath, Niyarath goyam kanawanam, kaata kiyam me awanaduwa”
    “Docalath, Lokkoth Coronawenuth jaraawa kanawana, kaata kiyam me wanchaawan” – Janapathitama thamai kiyanne thiyenne!

  2. Jaya says:

    ශුවර් එකටම මේකට මහා සත්ගුනවත් , සියලු දේ දත් GMOA ගොමාලා සම්බන්ධ ඇති……
    මුං තමයි හැමදාම මහා බිල්ලෙක් මව මවා PCR Promote කලේ….
    මේක ජාලයක් …කට්ටියක් පුසිද්දිය දෙනවා..තව කට්ටියක් මිලදි ගන්නවා….
    මේ දොස්තර Mafia එකයි , බෙහෙත් Mafia එකයි කඩන්න ම ඕනෑ …..මුං මෙව්ව කරල කියලා ඔප්පු උනොත් මරන දඩුවම් දෙන්න ඕනේ…..
    මිනිස්සු හැම මගුලක ටම දේශපාලනය කරන එකාට බනිනව ..හැබැයි මේ රට කන්නෙ දදවල් මිගෙල් රෑ දනියෙල් චරිත කරන නිලදාරින්…..

  3. ලෙඩෙක් says:

    අර හැමදැම බෙරිහන් දෙන දොස්තර සංගමේ අලුත්ගෙ කියන හිගන පෝතකයා සිංහල බෙහෙතට ගහන ගැහිල්ලෙම්ම තේරෙනව මුන්ට මේක ඉල්ලමක් කියලා…පනුවෝ ගහල කුනුවෙලා මැරෙන්නෙ මේ පාහරයො අහිංසක ලෙඩ්ඩුන් හූරං කන විදිහට…..

  4. ඩොකා says:

    අනිල් ජාසිංහත් ඉන්නව වගෙ

  5. ගමගේ says:

    තොරතුරට අදාල නියෝජිතායතනයේ හොරනේ හොර කියන්නේ, කෝප් එකෙත් එලි උනා නේද? මාධ්‍යය මීක් නැහැ, මොකද අල්ලස් ලැප්ටොප් වත් දීලාද? නැත්නම් අරක නිසාද? ප්‍රවෘත්ති වහනවා, ජනධිපතිට තමයි පරණ පව් වලට කරගහන්න වෙන්නනේ.
    සොයා බලන්න

  6. damian says:

    ඇස් ගෙඩි දෙක පුම්බල සමාජය බය කරන ගොමා ලගේ බිස්නස්.

  7. විකෘති goma says:

    මමත් හැට පැනපු රජයේ සේවකයෙක්…
    මටත් කියන්න තියෙන්නෙ මේ හොරැ රැල අල්ලල වලදාන්න ඔිනි….උතුම් වෛද්‍යවරුන් ට ත් නින්දාවනේ ….හැමදාම වොයිස් කට් දෙන හරිත අලුත්ගෙ මහත්තයයි සොයිසා මහත්තයයි අපේ බදුමුදලින් ඉගෙන ගෙන මේ ගරැකටයුතු ⁣වෘතියට මොකක්ද කරල තියෙන්නේ…තමන්ගෙ වාසියට අහිංසක ලෙඩ්ඩුන් තලා පෙලනවා ඇර…..
    ඇත්ත ටම ඔහෙලා වෛද්‍ය වෘත්තිය නිගාවන්ට ලක්කලා….අද රටේ මිනිස්සු ගරහන්නෙ ඔහෙල ටග හැසිරීම පාතාල නායකයො වගෙ නිසා …ලැජ්ජයි….

  8. ගොම GMOA says:

    ගොමා ලගෙ මයික් පලන , මීඩියා පඩ ⁣ශෝ දාන තවින් සොයිසා ගෙයි තරගෙට තප්පුලන හොරිත අලුත්ගෙ මීමගෙයි තියෙන හොර පෙනුම අවබෝධ කරගත්තෙ කීප දෙනයි…..
    මුගෙ මූනුවල කපටිකම , මූසල කම නියමෙට තියෙන්නේ…..ටයි ගැලෙවිවොත් පොල් ගස් නග්ගගන්නට නියම පොරවල් ….

  9. ගොම GMOA says:

    ගොමා ලගෙ මයික් පලන , මීඩියා පඩ ⁣ශෝ දාන තවින් සොයිසා ගෙයි තරගෙට තප්පුලන හොරිත අලුත්ගෙ මීමගෙයි තියෙන හොර පෙනුම අවබෝධ කරගත්තෙ කීප දෙනයි…..
    මුගෙ මූනුවල කපටිකම , මූසල කම නියමෙට තියෙන්නේ…..ටයි ගැලෙවිවොත් පොල් ගස් නග්ගගන්නට නියම පොරවල් ….සුවාරිස් අයිය වගේමයි ….

  10. Ape Eka says:

    GMO එකෙන් PCR එක හැමදාම promote කරපු විදිහට මට නම් මුල ඉඳන්ම සැක හිතුන. මේකට සම්බන්ධ හැම එකාම වහාම රටට හෙලි කල යුතුයි.
    මුන්ගෙ දොස්තර කමත් වහාම තහනම් කල යුතුයි. Galle Face එකට ගෙනත් ගල් ගස්සවා මලා දැමිය යුතුයි.

Main News