සෞඛ්‍ය සංවර්ධනය විධිමත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා උතුරට..

April 2, 2017 at 2:02 am | lanka C news
සෞඛ්‍ය සංවර්ධනය විධිමත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා උතුරට..

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවත් සංවර්ධනය කර ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු හදූනා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා 2017.04.02 සහ 03 යන දෙදින එම පළාතේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

2017.04.02 දින පෙ.ව 9.00 ට වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරිම, මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරිම, මන්නාරම රෝහලේ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදූ කෙරේ. තවද එදින වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවාවෙි ගැටලු හදූනා ගැනීමෙි සාකචිඡාවක් ද පැවැත්වෙයි.

2017.04.03 දින යාපනය වෙලානි දිසා රෝහලේ බාහිර රෝග ප්‍රතිකාර ඒකකය ද සෞඛ්‍ය අමාත්‍යතුමා අතින් විවෘත කිරීමට නියමිතය. ඉන්පසු යාපනය, කිලිනොචිචිය හා මුලතිවු දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය ගැටලු හදූනා ගැනීමෙ සාකචිඡාවක් පැවැත්වෙයි. මෙම නිරීක්ෂණ චාරිකාෙවි දී සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවෙි නියෝජිතයින්ගේ සුහද හමුවකට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

35 views