සෞඛ්‍ය සදහා දල දේශීය නිෂ්පාදිතයෙන් 04%ක්..

June 8, 2017 at 2:06 am | lanka C news
සෞඛ්‍ය සදහා දල දේශීය නිෂ්පාදිතයෙන් 04%ක්..

කලුතර මහ රෝහලේ නව සායන සංකීර්ණය, හෘද රෝග ඒකකය විවෘත කිරිම පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදූ කෙරිනි. මෙි සදහා වැය කළ මුදල රුපියල් මිලියන 310 කි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ශ්‍රී ජයවර්ධන මහ රෝහල් භුමියේ ඉදිකිරීමට යෝජිත හෙද පීඨයට ලබන මාසයේ මුල්ගල තබනවා. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 200 ක්. සම සෞඛ්‍ය සහ පරිපුරක වෛද්‍ය උපාධිය සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව වෙනම පීඨයක් ස්ථාපිත කරනවා. විදේශීය රටවලට අවශ්‍ය සෞඛ්‍ය උපාධිධාරීන් බිහි කිරිම එහි අරමුණයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් පාලනය කිරිමට වෙනම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ඉදිරියේ දී පත් කරනවා. සෞඛ්‍ය සේවාව නිසි පරිදි ජනතාවට ලබාදිම හා කඩිනම් කිරීම එහි අරමුණයි. වසර 2020 වනවිට දල දේශිය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් සෞඛ්‍ය සේවාවට ලබාගැනීම මගේ අරමුණක්. කොළඹ ජාතික රෝහල කේන්ද්‍ර කර ගනිමින් හෘද රෝගීන්ට ඇටමිදූලු බද්ධ කිරිම කඩිනමින් ආරම්භ කරනවා. ඒ සදහා සාකචිඡා පවත්වනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views
Main News