සෞඛ්‍ය සේවාව නැංවීමට පින්ලන්තයෙන් ආධාර..

April 29, 2017 at 2:08 am | lanka C news
සෞඛ්‍ය සේවාව නැංවීමට පින්ලන්තයෙන් ආධාර..

ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වලින් බහුතරයක් සෞඛ්‍ය සේවාව සදහා ලබාදෙන බව පින්ලන්තයේ සමාජ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍ය Pirkko Mattila මහත්මිය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දෙන ලදි. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පින්ලන්ත සෞඛ්‍ය ඇමැතිනිය අතර පැවැති ද්විපාර්ශ්වීය සාකචිඡාවක දීය.

පින්ලන්තය ශ්‍රී ලංකාවට ලබාදෙන මුදල් වලින් සියයට 30 ක් ආධාර වශයෙන් ද සියයට 70 ක් සහන ණයක් ලෙස ද ලබාදෙන බව මෙහිදී අනාවරණ විය. පින්ලන්ත රජය විසින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය ඉදිකිරීමට ලබාදූන් සහයෝගය ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. පින්ලන්තය ලබාදෙන ආධාර වලින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිදූ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබද යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස පින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. තව ද කිසියම් රෝගියෙකුගේ ඩි.එන්.ඒ පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමෙි ක්‍රමවෙිදය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරිම පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුනි. ඒ සදහා ශ්‍රි ලංකාවෙි වෛද්‍යවරුන්ට පුහුණුවක් ලබාදීමට පින්ලන්ත රජය එකඟත්වය පළ කරන ලදි. පින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික වෙළෙද ප්‍රජාව වෙනුවෙන් රැස්වීමක් ද කොළඹ සිනමන් ග්‍රැන්ඩි හෝටලයේ දී පැවැත්විනි.

මෙම සාකචිඡාවෙි දී පින්ලන්තය හා ශ්‍රි ලංකාව අතර, සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබදව දිර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිනි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views

One Comment to “සෞඛ්‍ය සේවාව නැංවීමට පින්ලන්තයෙන් ආධාර..”

  1. ප්‍රකාශක says:

    ආධාර වලින් කොටහක් කානුකටාගෙ පවුලේ නැවු මිලදී ගැනීමට.

Main News