සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරුද්දව අල්ලස් දුෂණ පැමිණිල්ලක්..

October 1, 2021 at 9:20 am | lanka C news
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරුද්දව අල්ලස් දුෂණ පැමිණිල්ලක්..

මගී ප‍්‍රවාහන බස් රථ ධාවනය අත්හිටුවා ඇතත් දැනටමත් අත්‍යවශ්‍ය සේවා යැයි පවසමින් රට පුරාම බස් රථ ධාවනය සිදු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ආණ්ඩුවට සම්බන්ධ මහා පරිමාණ බස්රථ හිමිකරුවන් මෙරට ප්‍රධාන රෝහල් අසලින් දුර ගමන් සේවා බස් රථ ද මගී ප‍්‍රවාහනයේ යෙදෙන බව සංගමය සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ඒ සඳහා බලපත්‍රයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අත්සන් කරන ලද ලිපියක් භාවිතා කරමින් සිටින බව ද ඔහු කියා සිටියි.

මෙම බස් රථවල ගාස්තු වල සාමාන්‍ය ගාස්තු මෙන් දෙගුණයක් අය කරන බවත් මගීන් සූරා කමින් සිදුකරන මෙම කටයුත්ත සම්පූර්ණ නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වලට විරුද්ධව මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට දැනුම් දෙන බවත් ඒ මහතා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

37,894 views

3 Comments to “සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරුද්දව අල්ලස් දුෂණ පැමිණිල්ලක්..”

  1. 3% ට බය බයියා. says:

    නන්දසේන ගේ පදයට නැටුවේ නැත්නම් තනතුරු වරප්‍රසාද දාලා ගෙදර ඉන්න ද කියන්නේ ?

  2. javipe says:

    ආන්ඩු විරෝධී බස් මුදලාලි ගැමුනු හිතාගෙන ඉන්නේ ඌ රටේ ජනාධිපති කියලා. බස් මුදලාලිලා තමා සාඩින් ගහනවා වගේ බස්වල සෙනග පුරවාගෙන ගිහින් මුලු රටෙම කොවිඩ් බෙදන්නේ. කාලකන්නි පුද්ගලික බස් පාරේ නැති හන්දා මුලු රටම සාමකාමියි. පාරවල රියදුරැ විනයක් තියනවා. බස් පාරට දාපු ගමන් විනාසයි.

  3. KP says:

    මේ කතාව සහතික ඇත්ත… මං හැමදාම දකිනවා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය ඉස්සරහින් බස් පිටත් වෙනවා උදේ හවස… බදුල්ල පොලොන්නරුව වගේ දුර වලට යන්නේ ඒ බස්. එහෙ ඉඳන් සෞඛ්‍ය සේවකයො වැඩට එන්නෑ නෙ…ඒ විතරක් නෙවෙයි ඒ බස් වල යන්න හතර වටින් මිනිස්සු එනවා… සමහර අයගෙන් අහපුවාම ඒ අය කිසිම අත්‍යවශ්‍ය සේවයක කෙනෙක් නෙවෙයි. ඕනකෙනෙක්ට බලා ගන්න පුළුවන් උදේ 9ට 9.30ට ආවොත් කේරි එකට පාරෙන් විරුද්ධ පැත්තේ ඉඳලා හොස්පිටල් එකේ මෝචරිය පහු වෙනකන් පාර දිගටම ගහල තියෙන්නෙ බස්…. එතන දැන් අළුත් බස්ටෑටෑන්ඩ් එකක් කරගෙන තියෙන්නේ

Main News