සෞඛ්‍ය සේවා සහායක සම්මුක පරික්ෂණ අවලංගු කරයි.. පරික්ෂණක කරන්නයි ආණ්ඩුකාරගෙන් නියෝගයක්…

September 9, 2019 at 12:40 pm | lanka C news
සෞඛ්‍ය සේවා සහායක සම්මුක පරික්ෂණ අවලංගු කරයි.. පරික්ෂණක කරන්නයි ආණ්ඩුකාරගෙන් නියෝගයක්…

උතුරු පළාතේ  සෞඛ්‍ය සේවා සහායකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1923 ක් අයදුම් කර තිබූ අතර  බඳවා ගැනීමේදී සිදුව තිබූ අක්‍රමිකතා හේතුවෙන් සම්මුඛ පරීක්ෂණයේදී ලබා තිබූ ප්‍රතිඵල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිළධාරීන්ට නියෝග කොට ඇත.

නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා මාසයක් ඇතුළත අදාළ පුරප්පාඩු වූ තනතුරු සඳහා නිළධාරීන් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරයා උපදෙස් දී ඇති අතර විනිවිදභාවය ආරක්ෂා වීම සඳහා කණ්ඩායම් 24ක් පත් කර ඇති අතර සෑම කණ්ඩායමකටම නිළධාරීන් 3 දෙනෙකු සිටින අතර ඊට අමතරව උතුරු පළාත් මහජන නියෝජිතයන්ගෙන් එක් නියෝජිතවරයෙකු සහ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වන අයදුම්කරුවන් විසින් නම් කරන අයෙකු  නිරීක්ෂකයන් ලෙස සහභාගි වේ. ව්‍යාජ සහතික සහ ලියකියවිලි සහිතව ඉදිරිපත් වන්නන් සඳහා නීතිමය පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා විසින් අනතුරු අඟවාද ඇත.

එමෙන්ම මෙම රැකියා වලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක්  සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩි දුරටත්  පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views

2 Comments to “සෞඛ්‍ය සේවා සහායක සම්මුක පරික්ෂණ අවලංගු කරයි.. පරික්ෂණක කරන්නයි ආණ්ඩුකාරගෙන් නියෝගයක්…”

  1. උවිඳු says:

    ඔය සිංහල පත්වීම් අවලංගු කරන්න හදන දෙයක් ආණ්ඩුකාරයා සහ සිරිසේන

  2. sunimal says:

    උතුරේ රැකියාවල් ලබාදීමේදී කුල බේදය විසාල වසයෙන් බලපානවා රජය මෙය තේරුම් ගත යුතුය,

Main News