සෞදි එයාර්, කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවයි.. තවත් සමාගම් ගමන් වාර 56ක් අත්හිටුවයි..

August 18, 2022 at 6:20 am | lanka C news
සෞදි එයාර්, කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවයි.. තවත් සමාගම් ගමන් වාර 56ක් අත්හිටුවයි..

ඉන්ධන පිරවිමේ පහසුකම් නොමැතිකම හා ආදායම් ඉපයිමේ ගැටලු හේතුවෙන් විදේශිය ගුවන් සමාගම් 7ක් මෙරටට සතියක් තුල සිදුකළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 108 සිට 52ක් දක්වා ගුවන්ගමන්වාර 56කින් අඩුකර තිබේ.

ගුවන් සමාගම් 5ක් ගුවන් ගමන්වාර සංඛාව අඩුකර ඇති අතර ගුවන් සමාගම් 02ක් මෙරටට පැමිණීම පවා අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

එමිරේට්ම්, කටාර් එයාවේස්, එටිහැඩ්, ඕමාන්, එයාර් ඉන්දියා යන ගුවන් සමාගම් මෙරටට පැමිණි ගුවන් ගමන් වාර ගණන අඩුකර ඇති අතර සෞදි එයාර් සහ කුවේට් එයාර්වේස් යන ගුවන් සමාගම් දෙක මෙරටට පැමිණීම අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි.

එමිරේට්ස් ගුවන් සමාගම් මින් පෙර සතියකට ගුවන් ගමන්වාර 26ක් සිදුකර ඇති අතර ඔවුන් මේ වන විට එය 14ක් දක්වා අඩුකර තිබේ. කටාර් එයාර්වේස් මීට පෙර සතියකට ගුවන් ගමන් වාර 35ක් සිදුකර ඇති අතර මේ වන විට 31ක් දක්වා අඩුකර තිබේ.

එටිහඩ් සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන්වාර 14ක් සිදුකර ඇති අතර මේ වන විට එය 06ක් දක්වා අඩුකර තිබේ.

ඕමාන් ගුවන් සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන් වාර 11ක් සිදුකර ඇති අතර මේ වන විට එය 07ක් දක්වා අඩුකර තිබේ. එයාර් ඉන්දියා ගුවන් සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන් වාර 09ක් සිදුකර ඇති අතර දුර්වල ඉල්ලුම හේතුවෙන් එය 04ක් දක්වා අඩුකර තිබේ.

එමෙන්ම සතියකට ගුවන් ගමන් 07ක් සිදුකළ සෞදි එයාර් හා සතියකට ගුවන් ගමන් 04ක් සිදුකළ කුවෙට් එයාර්වේස් මෙරටට ගුවන් ගමන් සිදුකිරීම අහ්තිහිටුවා තිබේ.

තවද මාලදිවයින්, කොරියන්, සලාම් එයාර්වේස්, තායි ස්මයිල්, විස්තාරා, චයිනා සදර්න්, ස්විස් ඉන්ටර්නැෂනල් යන සමාගම් රටේ තතත්වය යහපත් වන තෙක් මෙරට සමග සිය මෙහෙයුම් සිදුකිරීම සීමා කර ඇති බවද වාර්තා වෙයි.

– ADA

30,771 views

12 Comments to “සෞදි එයාර්, කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවයි.. තවත් සමාගම් ගමන් වාර 56ක් අත්හිටුවයි..”

  1. Danish Ali says:

    Don’t blame me….

  2. නීති සංගමේ අත්පොලසන් says:

    දෙමළ ඩයස්පෝරාවේ ඇත්තේ කාගේ ඩොලර්ද යන්න විමර්ශනය නොකරීම කලු සල්ලි සුදු කිරීමකි…

  3. Siberian Light says:

    මුලු රටම බීරි අලියටයි හොරු 225ටයි කියනවා ගිවිසුම් ගත වෙලා “රුසියාවෙන් බොර තෙල් ගෙනපියව්, සපුගස්කන්ද පිරිපහදුව අඛන්ඩව ක්‍රියාත්මක කරව්” කියලා.
    සපුගස්කන්ද ක්‍රියාත්මක වුනා නම් ගුවන් යානා ඉන්ධන අර්බුදයත් විසඳෙනවා.
    මුන් ඒක ඇහුනේ නෑ වගේ ඉන්නවා.
    මුන් බලගතු රුසියාව රවටමින් හා අවමානයට ලක් කරමින් ලංකාවේ ජනජීවිතය තවතවත් දුකට ඇද දමමින් දරුණු ෆැසිස්ට්වාදී පිලිවෙතක් ගෙන යනවා.

  4. Boo says:

    දැන් එතකොට අර මැල්කම් රංජිත් කියන බූරැවයි,සෝභිත කියන කොටලුවයි අර හිඟන හරක් රැලක් වටකරගෙන කිවුවෙ ගෝටා පැන්නුවාම ප්‍රශ්න සේරම ඉවරයි කියලා. කෝ මේ …ත්තිගෙ පුතාලා ටික?

    • කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

      Boo kiyaage an boru nam walin agamika nayakayanta garahanna epaa pakkaliyo, salli walata apahasa karanna epaa kalakanniyaa

    • කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

      Boo kiyaagena boru nam walin agamika nayakayanta garahanna epaa pakkaliyo, salli walata apahasa karanna epaa kalakanniyaa

      • Boo says:

        Boo කියන බොරැ නම ගැන බෑඟිරි ගාන තොගෙ මෙතන නම ඇත්ත එකක්ද බොල? තමන් හොරකම් කරන ගමන්, පොඩි එකාගෙ ඉස්කෝලෙ සඳහා හොර උප්පැන්න හදමින් පගා දෙන ගමන්, කාර්යාලයේ පඩි හොරකම් කරමින් කැන්ටිමේ ඉන්න ගමන් දේශපාලුවන්ට හොරැ කියලා කියන්නෙ උඹලා වගේ වැද්දෝ තමයි.

    • No to 226 says:

      අනෙ Booරුවෝ උබේ බූරු කමෙන්ට්වල ඇතුලේ තියෙන පරස්පරය උඹටම පෙනෙන්නේ නෑ.
      GotaGo Home project එක කලේ රටම 225 එපා කියන එක අමතක කරවලා ඒ වෙනුවට GotaGo කියලා ගොටා වෙනුවට වෙන කෙනෙක් එතනට දාලා 225යි, රාජපක්ෂපවුලයි, රටේ වරප්‍රසාද ලත් සුපිරි පැලැන්තියයි බේරා ගෙන මේ එංගලන්තයෙන් 1948දී පිහිටවූ Commonwealth වහල් රාජ්‍යය තව දුරටත් රැකගෙන පවත්වාගෙන යාමටයි.
      ඒ සඳහා ජනතාව අතරින් ස්වභාවිකව මතු වූ අරගලම උපක්‍රමශිලිව තම බළල් අත් වන ජවිපෙ පෙරටුවන් අන්තරය, ඊනියා අරගලකාරී හිපියන් අහිකුණ්ඨිකයන් ජිප්සින්, ලෝගුකහකඩ මිත්‍යාද්‍යෂ්ඨීකයන් යොදා හයිජැක් කරා.

      • Boo says:

        ජනතාව අතරින් ස්වාධීනව මතුවුනේ තොගෙ ලබ්බ තමයි. කොටි ඩයස්පෝරාවෙ සල්ලි බලෙන් # GoHomeGota ව්‍යාපාරය පටන් ගත්තෙ ලන්ඩන් වලින්. නැත්තං තොපේ අරගලේ තාම නිදාගන්න කාමරේ. නිකං රැල්ලට නටනපොන්නයෙක් වෙන්න එපා පකෝ. රට කෑව හොරැ තොපියි. පෙට්‍රල් ෂෙඩ් වලින් තෙල් අරන් හොරෙන් විකුනුවෙ තොපියි. තොපි රට කාලා ඒක දේශපාලුවන්ට විතරක් බැර කරන තොපි වගේ බූරැවෝ ඉන්නකොට රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්.

      • Boo says:

        තෝම ඔය කියන ලෝගු-කහකඩයො ගැන තමයි බොල මමත් ලියලා තියෙන්නෙ. කියවලා බලපිය අකුරැ දන්නවානං.

  5. thajudeen avatar says:

    ELA ELA ELA SRI LANKAN AIR LINE EKATATH ENNA DENNA EPA. IMF SALLI DENNATH EPA. MUN HORA KALLIYAK.😡😡😡🤕🤕🤕🤬🤬🥳🥳🥳🥳

  6. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    Thawa minissu lankawata gena dewal walata tax gahapalla , nathnam thahanam karapalla kalakanni, ape minissu ena ekath dan nawaththala thiyenne, me kalakanni deshapaluwo tika ayin kalaa nam nikamma rata goda, LTTE Demellu one naha,

Main News