සෞදි ගෘහ සේවයේ සිටියදී මිය ගිය කතට කිසිදු වන්දියක් ගෙවා නෑ..

August 10, 2019 at 5:30 pm | lanka C news
සෞදි ගෘහ සේවයේ සිටියදී මිය ගිය කතට කිසිදු වන්දියක් ගෙවා නෑ..

මීට අවුරුදු දෙකකට ඉහතදී සවුදියේ රියාද් වලදී රිය අනතුරකින් මිය ගිය කාන්තාවකට ඒ වෙනුවෙන් ගෙවන කිසිදු වන්දි මුදලක් මේ වනතුරු ලැබී නැති බව මියගිය අයගේ ඥාතීන් කියති.

අහුන්ගල්ල, පතිරාජගම පදිංචිව සිටි දාපනාදුරගේ ලීලාවතී (58) නමැති කාන්තාව මෙසේ මිය ගොස් තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ රක්ෂණය වී විදේශ රැකියාවට ගොස් ඇති අතර රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු වන්දියද මෙතෙක් ගෙවා නැති බවත්, විදේශ කටයුතු අමාත්‍යංශය සහ විදේශ රැකියා නියුක්ති කාර්යංශය මේ සිද්ධිය සම්බන්ධයෙන් මුණිවත රකින බවත් මිගිය අයගේ දරුවන් සහ ස්වාමිපුරුෂයා චෝදනා කරති.

මේ පිළිබඳව අදහස් දැක් වූ මිය ගිය අයගේ පුතා වන කේ අසංග මැන්දිස් මහතා (34) මෙසේ කීය.

මම අහුන්ගල්ල, පතිරාජගම ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. 2014 සැප්තැම්බර් දහසය වැනි දින රජයේ ලියා පදිංචි ඒජන්සියකින් අම්මා රට ගියා. ඒ ගිහින් අවුරුදු දෙකයි මාස තුනක් රට හිටියා. 2017 ජූලි මාසේ දොළොස් වැනි දින සවුදියේ රියාද් වලදී රිය අනතුරකින් අම්මා මිය ගිය ගොස් තිබුණා. අම්මා වැඩ කළ ගෙදර මහත්තයාගේ ජීවිතය විතරයි, බේරුණේ. ඒ ගෙදර අනික් සියල්ලමයි, අපේ අම්මයි ඒ අනතුරින් මිය ගියා. අම්මගෙ මරණය ලංකාවට ගේන්නත් මාස එක හමාරක් පමණ ගියා. අම්මා රක්ෂණය වෙලයි රට ගියේ.

මේ මරණය පිළිබඳ සියලු ලිපි ගොනු සියල්ල අංක 1759 යටතේ ලියා පදිංචි වී තිබෙනවා. මම මේ සියලු ලිපි ගොනු අරගෙන රක්ෂණ සමාගමට ගියාම කිව්වේ අම්මා රක්ෂණය වෙලා තිබෙන්නේ අවුරුදු දෙකකට විතරයි කියල. අවුරුදු දෙකයි මාස තුනක් වී තිබෙන නිසා වන්දි දෙන්න බැහැ කියනවා. සවුදි රටෙත් මේ යන අය රක්ෂණය වීමක් වෙනවා. ඒ වන්දි මුදල් ගන්න මම විදේශ අමාත්‍යංශයට ගිය විටදී විදේශ වන්දි සම්බන්ධයෙන් කටයුතු කරන මහත්මියක් ලිපි ගොනුව සකස් කරල සෞදි අරාබියට යවා තිබෙනවා. ඒ පිළිබදවත් තවම කිසිම පිළිතුරක් නැහැ. මම විදේශ අමාත්‍යංශයට ගියාම තවම ඒ රටෙන් දැනුම් දුන්නෙ නැහැ කියල යන යන දවසට කියනවා.

රිය අනතුරෙන් පවුලේ සියලු දෙනා මිය ගිහින් මානසික අතින් කොතරම් දුර්වල වෙලා සිටියත් අම්මා වැඩ කළ ගෙදර මහත්තයා ලැබිය යුතුව තිබූ හිඟ වැටුප් සියල්ලම පවා ගෙව්වා. එහෙම තිබියදීත් රජයෙන් අපේ අම්මට ලැබිය යුතු වන්දි මුදල වත් තවම දුන්නේ නැහැ. කෙනෙක් රට යන විටදී විදේශ රැකියා කාර්යංශය ඇතුඵ ආයතන ගණනාවක ලියා පදිංචි වෙලා ගියත් මේ වගේ අනතුරක් වූ විට පිහිට වෙන්න කිසිම කෙනෙක් නැතැයි ද මිය ගිය අයගේ පුතා වන කේ අසංග මැන්දිස් මහතා (34) මෙසේ කීය.

– ජයකාන්ත ලියනගේ

6,506 Viewers

4 Comments to “සෞදි ගෘහ සේවයේ සිටියදී මිය ගිය කතට කිසිදු වන්දියක් ගෙවා නෑ..”

  1. dumb says:

    Sent her mother to work in soudi.
    Now want to earn some money from her death.

  2. techno vision says:

    ara gonja ko

  3. කොට ඇට නාමල් says:

    මීට අවුරුදු 6 කට පෙර රහස් වාර්ථාවක් ජාතික යැයි කියා ගන්නා දේශපාලන පක්ෂයකට යොමු කර තිබෙනවා. නමුත් ඒක අරගෙන යට ගහලා. ගැණු විකුණං කන නපුංසක ජාතික දේශපාලුවෝ පන්නන්න ඕනේ!

  4. විදේශ සේවා says:

    මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කිරිමට අවශ්යායි. නිත්යේනුකූලව රට යන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතුයි.
    ඉන් පසු කාර්යාංශය මගින් නොමිලේ සේවා රාශියක් ලබා දෙනවා නොමිලේ. රක්ෂණය පාසල් යන දරුවන් සදහා ශිෂ්යොත්ව හා පාසල් උපකරණ වෛද්යේ සායන, අඩු පොලී නිවාස ණය, විදේශ වලදී තානාපති කාර්යාල මට්ටමින් එක් එක් පුද්ගලයාට ඇතිවන ගැටලු නිරාකරණය කටයුතු කිරීම හා මැදිහත් වීම සොයා බැලීම, කාලය අවසන්ව පැමිනි පසු ආයොජන කටයුතු කරන ආකාරය ස්වයං රුකියා සදහා ණය ආධාර හා මෙහෙයවිම ඒ අතර පෙන්වා දිය හැකියි.
    හැබයි ලියාපදිංචිය වලංගු වන්නේ අවුරුදු 02 කාලයකට පමණයි. නැවත අවශ්යසනම් එය අලුත් කර ගත යුතුයි. මෙහි සදහන් මහත්මිය අවු 02 ඉක්මවා සේවයේ යෙදි සිට තිබෙනවා. එවැනි අවස්ථාවල ලියාපදිංචිය අලුත් කර ගෙන නැත්නමි රක්ෂණය ද අලුත් වෙන්නේ නෑ. ඒ නිසා රක්ෂණ සංස්ථාවෙන් රක්ෂණය ගෙවීමේ අපහසුතාවයක් ඇතිවෙනවා….

Main News