සෞභාග්‍යයේ දැක්මක් නෑ.. ජාවාරම්කාරුවන්ට ඇමතිලා වැඩ.. කෙලින් වැඩ කරන්න බෑ.. මට අස්වෙන්නැයි බලපෑම්..- ආයතන ප‍්‍රධානියෙක් මාධ්‍ය අමතයි..

September 19, 2021 at 9:20 am | lanka C news
සෞභාග්‍යයේ දැක්මක් නෑ.. ජාවාරම්කාරුවන්ට ඇමතිලා වැඩ.. කෙලින් වැඩ කරන්න බෑ.. මට අස්වෙන්නැයි බලපෑම්..- ආයතන ප‍්‍රධානියෙක් මාධ්‍ය අමතයි..

අද සෞභාග්‍යයේ දැක්මක් නැති බවත් ආණ්ඩුව වැඩ කරන්නේ ජාවාරම්කාරයන්ට උවමනා විදිහට බවත් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මීට විරුද්ධව වැඩ කිරීම නිසා තමන්ට මරණීය තර්ජන ඇති බවද ළඟදීම අවාසිදායක ගිවිසුමක් අත්සන් කරන්නයි සූදානම් වන බවත් තමන් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල බවත් ඇමතිට අවශ්‍ය නම් අත්සන් කරගන්නැයි පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ලඟදීම කිරිපිටි, පාන් පිටි, සිමෙන්ති මිල ඉහළ දැමීමට සූදානම් බවත් පවසන ඔහු සතොස ආයතනයෙන් මීට පෙරද විශාල වශයෙන් භාණ්ඩ පන්නා කියා සිටියි.

සතොස ආයතනයෙන් සුදුළූණු පන්නා ව්‍යාපාරිකයන්ට දී ඔවුන්ගෙන්ම ආපසු වැඩි මිලට ගන්නා බවත් මේ හොරකම නැති කළ නොහැකි බවත් පැවසූ හිතට එකඟව තීරණ ගැනීමට නොහැකි බවද කියා සිටී.

අදාල සම්පූර්ණ සාකච්ඡාව මෙසේය.

107,763 views

28 Comments to “සෞභාග්‍යයේ දැක්මක් නෑ.. ජාවාරම්කාරුවන්ට ඇමතිලා වැඩ.. කෙලින් වැඩ කරන්න බෑ.. මට අස්වෙන්නැයි බලපෑම්..- ආයතන ප‍්‍රධානියෙක් මාධ්‍ය අමතයි..”

  1. බිමල් රෝහිත says:

    අලගියවන්න ඇවිල්ලා ලෝක හොරෙක්. මදාවි, චන්ඩි ඔක්කොම ඉන්නවා. ගුනවර්දනව කුඩු කරලා දායි, අස් වෙලා යන එකයි හොඳ.

  2. sa says:

    If the President doesn’t listen to this type of people his Presidency will be in danger soon. There are loads of people who are out to discredit the President. All what one can say is – Beware of the Brutuses’!

  3. api donanna ඩොලර් says:

    මහා බැංකු මුර බල්ලනි,

    වහා ඩොලරයට නිවැරදි මිලක් නියම කරනු. දැන් ඩොලර් 10000ක් රජයේ බැංකුවකට එව්වොත් පාඩුව රුපියල් ලක්ෂ 3ක්. මේ හදන්නේ රාජ්‍ය බැංකු හාන්සි කරන්නද? නැත්නම් ලොකු බල්ලොන්ගේ කළු සල්ලි ටික ඩොලර් කරගන්නද? මට නම් පෙන්නේ මුන්ගේ රුපියල් කළු සල්ලි ටික සුදු කරන්න, මහා බැංකු බල්ලෝ ඩොලරය 204 අල්ලාගෙන ඉන්නවා. එතොකොට ලංකාවට ඩොලර එවන්න කවුරුත් කැමති නැ. ඒ වෙනුවට පිටරට ඉන්න කළු සල්ලි බල්ලොන්ට ඩොලර් දෙනවා. එතොකොට උන්ගේ මෙහෙ ඉන්නේ බල්ලෝ රුපියල් වලින් ගෙවල් වලට එවනවා. බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න, මහා බැංකු මුර බල්ලෝ ඩොලරය හිර කරගෙන ඉන්නවා!

    මුර බල්ලනි. සරල ගණිතය තේරුම් ගනිවු! තොපේ මහා බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න මුළු රටක් විනාස නොකරනු!!!!

  4. බුදු සර් says:

    ළමයි මෙයාව ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා, එයා කියන්නේ එයාට තාම ගොටාට කඩේ යන්න ඕන කියන එකයි.

Main News