සෞභාග්‍යයේ දැක්ම නම් නව ව්‍යවස්ථාවයි.. පළාත් සභා මැතිවරණය නොවේ..
January 16, 2021 at 6:48 pm | lanka C news
සෞභාග්‍යයේ දැක්ම නම් වූ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම්, ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු හේතුවක් නොමැති බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ද, නැද්ද යනුවෙන් ඇති වී ඇති සංවාදය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම නමැති ප්‍රතිපත්ති ප්රකාශනය මත. එම ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ජාතික ගැටලූව ඇතුළු මෙම රාජ්‍යය තුළ පැනනැඟුණු ප්‍රශ්න විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙනඑන බව. එම ප්‍රකාශය තුළින් පැහැදිලි වෙනවා නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා ක්රමයේ යම් සංශෝධනයක් සිදුකරන බව. එම සංශෝධනය
සිදු කිරීමට පෙර මෙම අවස්ථාවේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් එය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කි‍්‍රයාවලියට බාධාවක් වනවා. ඒ වගේම මෙම අවස්ථාවේදී මැතිවරණය පවත්වා වසර 5 ක කාලයක් සඳහා පළාත් සභාව පිහිටුවූ පසු නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා ක්‍රමය යම් වෙනස් කිරීමකට ලක් කිරීමට යෝජනා කළහොත් එම අවස්ථාවේදීත් ගැටුමක් ඇති වෙනවා. වසර 5 ක කාලයක් සඳහා පළාත් සභාව පත් වී තිබියදී නව ව්‍යවස්ථාව මගින් එය වෙනස් කිරීමට යෝජනා කිරීම නොකළ යුතු දෙයක් බව පොඩි ළමයකුට වුවත් තේරෙනවා.
ආණ්ඩුව වර්ෂයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කරන බව පොරොන්දු වූවා. එසේ නම් කිසිම කලබලයක් නැහැ, ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට. එසේ තිබියදී එම මැතිවරණය පැවැත්වුවහොත් එය ආණ්ඩුවේ අවංක භාවය පිළිබඳව ප්‍රශ්න මතුකරන්නක්. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ වනවිට වසර තුනක් පුරා කි‍්‍රයාත්මක නොවූ පළාත් සභාව සඳහා එම මැතිවරණය පවත්වන ලෙසට මහජනතාව තුළින් ද බරපතළ ඉල්ලූමක් නොමැති බවයි.
– divaina
මොන දැක්ම උනත් දැන් නම් පෙනෙන්න තියෙනවා හැමතැනින්ම පොකුරු පොකුරු මතු වෙන හැටි …
ඕකට අත ගහන්න ගිහිල්ලා ඉන්දියාව අහයි උවමනා අශෝකගේ ක්රමයද, ධර්මාශෝකගේ ක්රමයද කියලා.
අහෝසි කරන්න ඕනෑ පලාත් සබා තියන්න ආවොත් සත්තයි…අපි පොහොට්ටුව පරාද කරනවා. අපි ගෝටාබය ගෙනාවේ ඒකීය රටක් ! එක නීතියක්! ගෙනෙන්න මිසක්, පලාත් සබා හදලා රට කෑලි වලට කඩන්න නොවේ! පොහොට්ටුවේ සපෝටර්ලට රස්සා දෙන්න වෙන ක්‍රමයක් හොයා ගන්නවා .දේශහිතේශි නව විවස්තාවක් ගෙනත්, රට රැකපන්!නැතිනම් අපිත් වෛද්‍ය වසන්ත බංඩාරලගේ දේශහිතේශි වියාපාරයත් එක්ක හිටගන්නවා!
Provincial councils should be made null and void. No need to worry about India. If Pcs are established again, is India going to fund their maintenance. No definitely not, then why worry?