සෞම්‍ය ලියනගේ කොළඹ විශ්ව විද්‍යාලයේ ධුරවලින් ඉවතට.. යහපාලන කාලේ හොරට තනතුරු අරන්..
September 26, 2020 at 3:00 pm | lanka C news
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා එම ධූරවලින් ඉවත් කර ඇත.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නිසි බලධාරියා වන මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙම ඉවත් වීම සිදු කරනු සිදුකර ඇත්තේ සෞම්‍ය ලියනගේ මහතා කථිකාචාර්යවරයෙකු ලෙස පත් ඉන්පසු වසර අටක් පරිවාස කාලය නිම වන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් උපාධි සුදුසුකම සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බවයි.
2014 වසරේදී මෙම සුදුසුකම් සපුරා ලිය යුතු ව තිබුණ ද එය සපුරා නැතැයිද පැවසූ ඔහු එසේ සුදුසුකම් සපුරා නොතිබියදීත් පැවැති පාලනාධිකාරිය විසින්ම් සෞම්‍ය ලියනගේ මහතාට උසස්වීම් ලබාදී ඇතැයිද කියා සිටියේය.
මේ සිදු කර ඇත්තේ 2015 පැවති පාලනාධිකාරියේ වැරදි තීන්දුවක් නිවැරදි කිරීමක් බවත් පැවසූ ඔහු යළිත් ඉල්ලුම් කර නිසි ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කර ලියනගේ මහතාට අහිමි තනතුරු යළි ලබාගැනීමේ හැකියාවක් ඇතැයිද පැවසීය.
Sorry this is not accepted and hope our President will correct this
එල්ලුම් ගහට නියම වූන මිනීමරුවො පාර්ලිමේන්තු මන්ත්‍රීලා වෙලා ඉන්න රටේ මේක කොච්චර සිම්පල් දෙයක් ද
මඩකලපුවේ සිදුවූ ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට සිරගතකර සිටින හිටපු එල්ටීටීඊ සාමාජික පිල්ලෙයාන් දැන් පාර්ලිමේන්තුවේ ..අබුද්දස්ස කාලේ ලබුත් තිත්තළු රාලේ