හංගේරියාවෙන් බස් රථ 1000ක් කුලියට ගන්න ලංගම සැරසේ.. අමුතු කුලී ගිවිසුමක්…

July 15, 2018 at 3:28 am | lanka C news
හංගේරියාවෙන් බස් රථ 1000ක් කුලියට ගන්න ලංගම සැරසේ.. අමුතු කුලී ගිවිසුමක්…

හංගේරියාවේ පුද්ගලික සමාගමකින් බස් රථ 1000ක් ලබා ගැනීම සදහා ලංකා ගමනාගමන මණ්ඩලය තිරණය කර ඇති බව වාර්තා වෙයි.

කිලෝමීටරයක් සදහා රුපියල් 60-70 අතර මුදලක් ගෙවීමේ පදනම මත මෙම බස් රථ ලබා ගැනීමට නියමිත අතර බස්රථ නඩත්තු කිරීම සිදු කරන්නේ හංගේරියානු සමාගම විසිනි.

ලංගම විසින් ඉන්ධන හා රියදුරන් ලබා දීමට නියමිත අතර වසර දහයකින් පසු එම බස් රථ ලංගමය සතු වෙයි.

මේ සදහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසෙයි.

සාමාන්‍යයෙන් මෙරට මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථ වසරකට කිලෝ මීටර 50,000කට ආසන්න ප‍්‍රමාණයක් ධාවනයේ යෙදේ.

224 views

16 Comments to “හංගේරියාවෙන් බස් රථ 1000ක් කුලියට ගන්න ලංගම සැරසේ.. අමුතු කුලී ගිවිසුමක්…”

  1. රටට හිතවත් says:

    හංගේරියාවේ හදාපු 60,000km විතර දුවපු බස් එකක සාමාන්‍ය මිළ ලංකාවේ මුදලින් 9,000,000/- විතර වෙනවා. නමුත් මේ කියන ආකාරයට කුලියට ගත්තොත් අවුරුද්දකට එක බස් එකට වැයවන මුදල ආසන්න වශයෙන් ලංකාවේ මුදලින් 3,500,000/- විතර. අවුරුදු දහයකට බස් එකකකට 35,000,000/-. විතර. එතකොට බස් 1000 කට….කොහොමද කෑම??????

  2. aniwa says:

    Reminds me of the Wijepala Mendis deal with the UK to import hundreds of double deckers.
    only few buses were on the roads just after a year.

    Such a waste of poor people’s money.

  3. Sam says:

    Lankaawata hari yanne gon karatta wage indian bus.. hoda deyak unath naraka deyak unath lankaawe unta ona taram katha thiyanewa.. amu mee gonnu inna tlratak. Nikan idala nikan kanna balan inna ratak…

  4. Matta says:

    OOOber Wage Service Ekak Daanna Barida ..Call karala bus eka Holt Ekatama Genna Ganna ?

Main News