හංසමාලීට ෂෙඩ් එකක්..

July 23, 2021 at 2:10 pm | lanka C news
හංසමාලීට ෂෙඩ් එකක්..

හංසමාලී නම් කාන්තාවකට කිලිනොච්චියේ ඉන්ධන පිරවුම් හලක් ලබාදී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මහතා සඳහන් කරයි.

යූ.ජී.ඊ. හංසමාලි නම් කාන්තාවකට මෙම ඉන්ධන පිරවුම්හල ලබාදී ඇත්තේ ආණ්ඩුවේ සම්බන්ධයක් මත බවද ඔහු පැවසීය.

උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය ව්‍යාපෘති හරහා දූෂණ වංචා ගණනාවක් සිදුව ඇති බවත් ඒවාට ඇමැතිවරුන් ද සම්බන්ධ ඔහු කියා සිටියේය.

හිටපු මහ ඇමති පිල්ලෙයාන් නැගෙනහිර වසන්තය යටතේ කෝටි ගණන් වන දේපළ උපයාගෙන ඇති බවත් තමන් සතුව ඒ ගැන සාක්ෂි ඇති බවත් ඔහු සදහන් කලේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

65,962 views

7 Comments to “හංසමාලීට ෂෙඩ් එකක්..”

  1. චන්ද දායක says:

    කවුරු බලයට ආවත් එකම කතාව.මේ සිස්ටම් එක වෙනස් කරන්න ගෙනාව මහත්තතයාටත් දැන් ඒ ගැන වැඩි උනන්දුවක් නෑනෙ. ආයෙ ගේන්න එකෙකුත් නැහැ එන්න එකෙකුත් නැහැ. ලෙඩ වෙලා මැරෙනකම් නාකි සෙට් එක යන්නෙත් නැහැ. නෝ….චොයිස් මෙහෙම යං.

  2. පුන්ච් අම්මාගේ මිනිහා says:

    ඉතින් මොකද? හොඳම හොඳ තෙල් පොම්පයක් තමයි. සුදුස්සාට සුදුසු තැන දීම හැමෝගෙම යුතුකමක්.

  3. Felix says:

    Hansamalai or Krishnamali … they are Sri Lankans. A Sri Lankan can do business anywhere in Sri Lanka, the same manner Sri Lankan do the businesses in Gale, Matara, Colombo, Negombo, Kandy, etc.
    But you can talk about the issues of Pillain as he too a Sri Lankan and associate with an official gang of thieves.

  4. අම්මේ මේක තෙල් ෂෙඩ් එකක් නෙවෙයි මෝලක් says:

    ගහමූ තෙල්. හීංසගෙ තෙල් වලෙන්.

  5. මොකද්ද මේ ප්‍රවෘත්තියේ වැදගත්කම

  6. lankaputha says:

    That Hanasamali and This Hansamali, are there any other Hansamali’s. Sir ge Weera Se Kara Pu wada thama

  7. Kumdhar says:

    රාසමානික්කම් ශානක්‍යන් මොනවද උතුරු පළාත් ජනතාවට කරලා තියෙන්නේ? පළාත් සභාවට සංවර්ධනය සඳහා වෙන් කළ මුදලුත් ආපසු භාණ්ඩාගාරයට එවනවා!!

Main News