හක්කපටස් බෝම්බයකට අලිපැටවෙකු ගොදුරු වෙයි…

March 28, 2022 at 2:12 am | lanka C news
හක්කපටස් බෝම්බයකට අලිපැටවෙකු ගොදුරු වෙයි…

වව්නියාව මහමයිලන්කුලම් සහ ආච්චිපුරම් ප්‍රදේශය අතර පිහිටි කැලෑබද ප්‍රදේශයක හක්කපටස් බෝම්බයකට ගොදුරු වූ වල්අලි පැටවෙකු ගොදුරුවීමෙන් දැඩි ලෙස තුවාල සිදුවී රෝගාතුරව සිටින බවට වව්නියාව වනජීවි කාර්යාලය පවසයි.

මීට දින කිහිපයකට පෙර අදාල අලිපැටවා හක්කපටස් බෝම්බයකට ගොදුරුවී ඇති අතර පසුව ප්‍රදේශයේ පිහිටි පැපොල් වගාවකට පැමිණ රෝගීව සිටිනු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව වව්නියාව වනජීවි කාර්යාලයට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් විසින්  (27) හක්කපටස් බෝම්බයට ගොදුරු වී සිටි අලිපැටවා සිටි ස්ථානයට ගොස් අලි පැටවා සිහිමුර්ජා කොට  මූලික ප්‍රතිකාර කිරීමට පියවර ගන්නා ලදි.

ප්‍රතිකාර කිරීමෙන් පුසව වනජීවි නිලධාරීන් පවසා සිටියේ අලි පැටවාගේ මුඛයට ඇතුලු අභ්‍යන්තරයට හක්කපටස් බෝම්බය පිපිරීමෙන් දැඩි ලෙස හානි සිදුව ඇති බැවින් අලිපැටවාගේ ජීවිතය දැඩි අවධානම් තත්වයක පවතින අලිපැටවාට ආහාර ගැනීමට අසීරු වී ඇති හෙයින් අලිපැටවාගේ දිවි බේරාගැනීමට කලහැකි උපරිම ප්‍රතිකාර සිදුකිරීමට පියවර ගන්නා බවටත්ය.

හක්කපටස් බෝම්බයට මෙලෙස ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 6 ක පමණ අලිපැටවෙකු වන අතර බෝම්බය තැබූ පුද්ගලයින් කව්රුනැදියන් පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බවටද වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,336 views

One Comment to “හක්කපටස් බෝම්බයකට අලිපැටවෙකු ගොදුරු වෙයි…”

  1. Love nature says:

    වව්නියාව මහමයිලන්කුලම් සහ ආච්චිපුරම් ප්‍රදේශය පදිංචි දෙමළ ජනතාව මේවාට වගකිව යුතුයි ..මේ දෙමළ මිනිස්සු සතුන් මැරීම සදහා නිතර කැලා ප්‍රදේශවලට යයි එනිසයි අලි එළවීමට මැරීමට මෙවැනි දේවල් සිදුකරන්නේ ..මේ වැරදි කල පුද්ගලයින් සොයා අපේ රටින් පිටුවහල් කරනු
    කදුකරේ දෙමළ ජනතාවත් කරන්නේ සතුන් දඩයම් කිරීමයි ..උඩරට තේවතු අවට වන රක්ෂිත ගිනිතියමින් හාවුන් ඉත්තෑවුන් වැනි කුඩා සතුන් මෙන්ම සදුන් දිවියන් මරා ඔවුන්ගේ මස් කෑම මේ මිනිස්සුන්ගේ සිරිතකි

Main News