හක්කපටස් බෝම්බයකට තවත් වල් අලියෙකු බිලි.. නිරාහාරව සති දෙකක් ඉඳලා.. දවස් 4 කට පසුව සිරුර හමුවෙයි..
August 19, 2017 at 5:30 pm | lanka C news
වව්නියාව පාලමොට්ටෙයි ඌරල්කුලම් කැලෑ ප්‍රදේශයක තිබී හක්කපටස් බොම්බයකට ගොදුරු වී මිය ගිය වල් අලියෙකුගේ මළ සිරුරක් හමු වී ඇත.
පාලමොට්ටටෙයි ඌරල්කුලම් වැව ආසන්නයේ පිහිටි කැලෑ ප්‍රදේශයේ තිබී මිය ගිය වල් අලියාගේ මළ සිරුර හමු වී ඇති අතර අලියා මිය ගොස් දින 4 කට පමණ පසුව ප්‍රදේශවාසීන් දැක ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දී පොලීසිය විසින් වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දී ඇත.
පසුව වව්නියාව හා ඕමන්ත වනජීවි නිලධාරීන් අදාල ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ අලයා හක්කපටස් බෝම්බයකට ගොදුරු වී දිනගණනක් ආහාර ගැනීමට නොහැකි නිරාහාරව මිය ගොස් ඇති බවටයි.
මිය ගිය වල් අලියා ගැහැනුසතෙකු වන අතර අවුරුදු 5ක පමණ වයසැති අඩි 4යි අගල් 4ක උසකින් යුක්ත වෙයි.
ප්‍රදේශයේ පවතින නියං තත්වය හේතුවෙන් දඩයක් කරුවෙකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා තබන ලද හක්කපටස් බොම්බයකට මෙම වල් අලියා ගොදුරු වී ඇති බවට වව්නියාව වනජීවි නිලධාරීන් පවසි සිටිති.
වනජීවි පශුවෛද්‍ය බී.ගිරිදරන් මහතා විසින් වල්අලියාගේ මරණ පරික්ෂණ කටයුතු සිදු කොට අවසන් කටයුතු වනජීවි නිලධාරීන් විසින් සිදු කරන ලදි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කැලේ ඉන්න සතෙකුටවත් ඉන්න දීපල්ලා මිනිසුනේ (මුන්ට මිනිස්සු කියන නම සුදුසු නෑ). මේ කාලකන්නි කරන මේ පව් වලට වන්දි ගෙවන්න වෙන්නේ රටක් ජාතියක් හැටියට අපි ඔක්කොටම