හක්කපටස් බෝම්බයක් මුඛයේ පුපුරා අලි පැටවකු මිය යයි…

March 29, 2022 at 6:20 pm | lanka C news
හක්කපටස් බෝම්බයක් මුඛයේ පුපුරා අලි පැටවකු මිය යයි…

හක්කපටස් බෝම්බයකට හසුව බරපතල තුවාල ලබා වව්නියාව මහමයිලන්කුලම් සහ ආච්චිපුරම් අතර ප්‍රදේශයේ පිහිටි පැපොල් වගාවක සිටියදී සොයාගත් වනඅලි පැටවා මිය යාමෙන් පසු අවසන් කටයුතු අද (29) දින සිදුකල බවට වව්නියාව වනජීවි කාර්යාලය පවසයි.

අවුරුදු 06 ක් පමණ වයසැති අලි පැටවා හක්කපටස් බෝම්බයට හසුව අහාර ගැනීමට අපහසුවී දැඩි අසාද්‍ය තත්වයෙන් පැපොල් වගාවක සිටිනු දැක මීට දින තුනකට පෙර අසල්වාසීන් විසින් වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම්දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට පැමිණ අලි පැටවා පරික්ෂා කරන ලදි.

පසුව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් පැමිණ හක්කපටස් බෝම්බයෙන් තුවාල වූ වනඅලි පැටවාට මූලික ප්‍රතිකාර දින දෙකක් පුරා සිදුකරද ඊයේ (27) දින අලි පැටවා මිය ගොස් තිබුණි.

අනතුරුව අලිපැටවාගේ මරණ පරික්ෂණ කටයුතු සහ අවසන් කටයුතු සිදුකල උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පවසා සිටියේ අලි පැටවා මීට සති දෙකකට පමණ පෙර හක්කපටස් බෝම්බයට හසුව ඇති බවටත් බෝම්බය පුපුරා යාමෙන් අලි පැටවාගේ මුඛය අභ්‍යන්තරය විශාල ලෙසින් හානි සිදුවී නිරාහාරවද සිටීමෙන් මරණයට පත්ව ඇති බවටය.

හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු වව්නියාව වනජීවි නිලධාරී කාර්යලය මගින් සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,655 views

8 Comments to “හක්කපටස් බෝම්බයක් මුඛයේ පුපුරා අලි පැටවකු මිය යයි…”

  1. OranOTARA says:

    This is not related to buddhist or Sinhala cultural thing. So I won’t interfere to this. NGO’s won’t fund me for this anyways..

    • Love nature says:

      පෙරහැරවල යන අලි ඇතුන් ගැන කණගාටු වන NGO නඩේට උතුරේ වව්නියාවේ දෙමළ ජනතාව හක්කපටස් දමා මරා දමන කුඩා අලි පැටව් ගැන කතා නොකරන්නේ මන්ද ? ඔවුන් දෙමල
      නිසාද ?අලිපැටවා සොයාගත් පැපොල් වගාව අයිතිකාරයා මෙයට වගකිව යුතුයි ..ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි

    • Dulmina says:

      🌷👍🌷

  2. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    මේවා කරන පර බල්ලන්ව ඉස්ලාම් ක්‍රමයට බිත්තියට හේත්තු කරලා වෙඩි තියලා දාන්ඩ ඕන පර බල්ලෝ. මුං මිනිස්සුන්ට නෙමෙයි බල්ලන්ට ජාතක වෙච්ච අවජාතකයෝ.

  3. JOHN says:

    NGO උතුරේ වව්නියාවල මරාදමන අලින් පිළිබදව විරුද්ධත්වයක් නොදක්වන්නේ මන්ද ? කැලෑ වල සිටින අසරණ අලි ඇතුන් සත්තු නොවේද ? වව්නියාවේ සිටින ඉන්දියන් සක්කිලින් අපේ රටින් පිටුවහල් කරනු ..අපේ රටේ ජාතික සම්පත් වූ අලි ඇතුන් විනාශකිරීමට ඉඩ නොදෙනු

  4. Dulmina says:

    🌷👍🌷

Main News