හකීම්ගේ ත‍්‍රස්ත සබදතා අතේ මාට්ටුයි.. පාස්කු ත‍්‍රස්තයන් බලන්න රෝහලේ..

October 24, 2019 at 3:50 pm | lanka C news
හකීම්ගේ ත‍්‍රස්ත සබදතා අතේ මාට්ටුයි.. පාස්කු ත‍්‍රස්තයන් බලන්න රෝහලේ..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක ඇමැති රවුෆ් හකීම් මහතා වගකිව යුත්තෙක් බවත් ඒ නිසා ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂය චෝදනා කරයි.

සහරාන් හසීම් නොදන්නා බවට ඇමති රවුෆ් හකීම් විසින් කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය 2015 වර්ෂයේදී හංසයාට ගිවිසුම්ගතව සිටි බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

එම මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රස අපේක්ෂකයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් සමඟ සහරාන් හසීම් ගිවිසුම් ගත වූ බවද ඔහු කියා සිටියේය. තම පක්ෂය සමඟ ගිවිසුම්ගතව සිටි සහරාන් හසීම් නොදන්නේ යැයි පක්ෂ නායකයා විසින් කරන ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බවද මුසම්මිල් මහතා කියා සිටියේය.

සහරාන් හෂීම්ගේ සහෝදරයා රිල්වාන් හෂීම්ගේ අත තුවාල වන්නේ 2018 වසරේ බවත් ඔහුගේ සුව දුක් බැලීමට හකීම් මහතා ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

රිල්වාන් හෂීම්ගේ සුවදුක් බැලීමට ඇමැති හකීම් යන්නේ ද එවන් සැකකටයුතු ත්‍රස්තවාදී සබඳතා ඇති පුද්ගලයකු සමගද මුසල්මිල් මහතා කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

236 views
Main News