හකීම් ගැන ත‍්‍රස්ත විමර්ශණයෙන් පරීක්‍ෂණ.. පාස්කු බෝම්බය ගැන පොටක් පෑදෙයි..

January 18, 2020 at 11:20 am | lanka C news
හකීම් ගැන ත‍්‍රස්ත විමර්ශණයෙන් පරීක්‍ෂණ.. පාස්කු බෝම්බය ගැන පොටක් පෑදෙයි..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මර්ධන විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් කියා සිටියේ පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ මහමොලකරු මොහොමඩ් සහරාන් හසීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හකීම් හිටපු ඇමතිවරයා ඔහු බැලීමට යාම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

2017 වර්ෂයේ දිනයක සැකකාර රිල්වාන් යන අය රෝහල තුළදී හමුවීමට හිටපු ඇමැති රවුෆ් හකීම් කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඡායාරූප පවා ලැබී ඇති බවද පැමිණිලිකරු සිය පැමිණිල්ලේ දක්වා ඇත.

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ දී බෝම්බයක් අත්හදා බැලීමට යාමේදී පිපිරීමකින් තුවාල ලබා කොළඹ පුද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වී ඇත.

34,132 Viewers

7 Comments to “හකීම් ගැන ත‍්‍රස්ත විමර්ශණයෙන් පරීක්‍ෂණ.. පාස්කු බෝම්බය ගැන පොටක් පෑදෙයි..”

  1. saman says:

    Guvan hamudaveth innava hoyanna

  2. වරදට දඬුවම නියතයි says:

    හකීම්ගේ අතීතය ලේ ගෑවුණු එකක් බවට සැක කරන්න කරුණු තියනවා. ප්‍රධාන වශයෙන්ම අස්රප්ගේ මරණය පසුපසත් හකීම් හිටිබවට ඒ දිනවල කථා පැතුරුනා. හකීම්ගේ අනියම් බිරියක් ගිණිතබා මැරුවෙත් ඔහුගේ සහභාගිත්වයෙන් බවට ඒ දිනවල ආරංචි පැතුරුනත් දේශපාලන බලය යොදා සියල්ල යට ගැහුවා. ඒ අතීත සිද්ධි පිළිබඳවත් අලුතෙන් පරීක්‍ෂණ පවත්වන එක පොලිසියේ යුතුකමක්.

  3. Politics says:

    TNA and MC and other people like Mano Ganeshan, Digambaran and few others are responsible for the damage they do to the unity of our country between Tamils , Muslims and Sinhalese.

    Mr.Gotabhaya should be given a clean majority of 2/ 3rd to curb this situation or there is no other way to make Srilanka a good place to live.

    We invite all those who voted JVP and UNP to vote Pohottuwa led alliance to make it happen.

  4. එතකොට දැන් හකීම්ලාට විතරද පරීක්ෂණ..අර ගස්බල්ලාට (හිස්බුල්ලා) මොකද කරන්නෙ?

    • don katugampala says:

      den mechchara kal bahusruthala biruve mun gena pareekshana karanne neha kiyalane .den lebena “paminili” anuva eka eka kotu vevi, horage ammagen pena ahapu “yahapalana commision ” eke mun bayila gahanakota “bahusruthala budiyagena indala den da negitte.

    • Lamaya says:

      Unp jvp kabbo api ewa balagannam

  5. රිල්වාන් ගෙ තුවාල වලට හොරෙන් බෙහෙත් කළෙත් මුස්ලිම් ශල්‍ය වෛද්‍යවරයෙක් කියලයි ආරංචි.. එයා ගැනත් පරීක්ෂණ කළා නම් තමයි හොද..

Main News