හකීම්-චම්පික-මනෝ-දිගා එජාපෙන් ඉවත් වෙති.. බදියුදීන් වැට උඩ..

January 25, 2020 at 10:00 am | lanka C news
හකීම්-චම්පික-මනෝ-දිගා එජාපෙන් ඉවත් වෙති.. බදියුදීන් වැට උඩ..

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් එම පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එජාප හිතවාදී සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

රවුෆ් හකීම් ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, චම්පික රණවක ප්‍රධානත්වය දරන ජාතික හෙළ උරුමය, මනෝ ගනේෂන් සහ පලනි තිගම්බරම් නායකත්වයෙන් යුතු පක්ෂද මෙසේ එම පෙරමුණෙන් ඉවත් වීමට තීන්දු කර ඇතැයි දැක්වෙයි.

මෙම තීරණය ගැනීමට ඔවුන් කටයුතු කර ඇත්තේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම හා එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නො දීමට විරෝධය පළ කරමිනි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතාගේ පක්‍ෂයද ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද වැඩිදුරටත් එම වාර්තාව සඳහන් කරයි.

37,868 Viewers

4 Comments to “හකීම්-චම්පික-මනෝ-දිගා එජාපෙන් ඉවත් වෙති.. බදියුදීන් වැට උඩ..”

  1. Kalana says:

    Chanden passe Mahinda gaawa, Thawa amaathyansha 10 k withara aran rata hambakaranaya thawa dhuratath.

  2. Prabath Buddika says:

    Mun me hadanne iwath wela pohottuwata hemihita hethtuwa dala amathikamak aragena rajayata balapam karanna …sinhalaine ekathu weyau.Aka wage pohottuwata chande dama meka singhala baudda rajjjayak bawa stheeera karamu jathiwadin panna dama honda api samaga sahayogayen jeewath weemata kaamthi jathn samaga honda ratak goda nagamu.

  3. T says:

    Owe uballa okkomata Mahinda ge saloon dora aralaa thiyanne, Badurdeen vitarak neme uge Amma awath Mahinda gannawa Sinhala api kaeadath Gotabaya Janadipathi samagai, apage prarthanawa VIATHMAGE pirisa pluwam taram Parlimenthuwa ta yawa ethumage daeth savikirimai, Adata api nikama dinimim,

  4. kkuruwita says:

    උඹලා ගැලවිලා ගියාම අපිට මොකෝ. සිංහලයාත්, බුද්ධාගමත්, රටත් කාලා විකුනල ,වෙන්දේසිකරල, හොර ගනු දෙනු කරල, ආබාධිත රණ විරුවන්ට බිම දමාගෙන ලේ එන්න ගහපු, මේ ලංකාව විනාශ කරපු උඹලට තව පලදෙන්න තියෙනව.

Main News