හකීම්-බදියුදීන් වැට උඩට නගී.. බරපතල කොන්දේසියක් දමයි.. නැතොත් අයවැයට විරුද්දයි..
March 10, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය සදහා ඡුන්දය ලබා දීමට නම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ආණ්ඩුවට ප්‍රබල කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.
දැනට උප ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක කල්මුණේ දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමක් අනුව ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශයක් කලහොත් තමන් අයවැයට විරුද්ද වන බව මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් දන්වා ඇත.
නමුත් දෙමල ජාතික සන්ධානය ආණ්ඩුවට දන්වා ඇත්තේ අයවැයට පෙර එය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් බවට පත් කිරීම අනිවාර්ය බවයි.
අයවැය සම්මත කර ගැනීමට අවශ්‍ය නම් මෙය කල යුතුව බව දෙමල දන්ධානය කියද්දී මුස්ලිම් කොංග්‍රසය සදහන් කර ඇත්තේ එම කටයුත්ත කලහොත් තමන් අයවැයට විරුද්ද වන බවත් බදියුදීන්ගේ සහායත් තමනට ලැබෙන බවත්ය.
මෙම අර්බුදය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ දෙමළ සන්ධාන නායක සම්පන්දන් සමගත් මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් සමඟක් කිහිප අවස්ථාවකම සාකච්ඡා කර තිබුනද විසදා ගැනීමට හැකියාවක් ලැබී නැත.
Mahinda hitiyanam oka shape eke melahatath TNA ekata deela, muslim ayatath wena kotasak deela hariyata Vilpattuwa dunna wage. Kauruth danne nethuwa!!
දැන් ඔය දෙන්නා තරහ වෙලා අනිත් පැත්තට යනකොට ඉඹලා පිළිගන්න හැටි බලන්න පුළුවන් ……බොරුද බලන්නකෝ
Ranil President
MR Prime Minister
Then we can silent all this buggers