හකීම්-බදියුදීන් හා ජනපති අතර අවබෝධතා ගිවිසුම් සූදානම්..

November 6, 2018 at 10:36 pm | lanka C news
හකීම්-බදියුදීන් හා ජනපති අතර අවබෝධතා ගිවිසුම් සූදානම්..

රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාල ගිවිසුම සම්බන්දයෙන් කව දුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින්නේ යයිද සදහන්ය.

මෙම පක්‍ෂ දෙක පාර්ලිමේන්තුවේ ආසන 12ක් නියෝජනය කරන අතර ගිවිසුම් ගත වීමෙන් පසු ආණ්ඩුවට එක්වීමට නියමිතය.

මේ අතර මොනයම් හේතුවක් මත හෝ ගිවිසුම් වැඩපිලිවෙල අසාර්ථක වුවහොත් එම පක්‍ස දෙකේ මන්ත‍්‍රීන් අවම 05 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට නියමිත අතර ඒ බව දැනටමත් පක්‍ෂ නාකයන්ට දන්වා ඇතැයිද වාර්තා වෙයි.

130 views
Main News