හග්ගල රක්‍ෂිතයේත් අක්කර 03ක් එලි කරයි..

March 2, 2020 at 12:40 pm | lanka C news
හග්ගල රක්‍ෂිතයේත් අක්කර 03ක් එලි කරයි..

ජෛව විද්‍යාත්මක පර් යේෂණ කටයුතු සඳහා පමණක් ඉඩ ලබා දෙන හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර තුනක භූමි ප්‍රදේශයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර වගා කටයුතු සිදු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතයේ කන්දේ ඇළ ජලාශයට ආසන්න භූමියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර ගොඩනැගිලි හතරක්ද ඉදිකර ඇත. එම ගොඩනැගිලි ආශ්‍රිත භූමිය තුළ මහා පරිමාණයෙන් පළිබෝධනාශක යොදා ගනිමින් වගා කටයුතු සිදුකර තිබේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හක්ගල දැඩි ස්වභාවික රක්ෂිත කලාපය තුළ වගා කටයුතු සිදු කිරීම, ගොඩනැගිලි ඉදි කිරීම සපුරා තහනම් වන අතර එය තුළ විද්‍යාත්මක පර් යේෂණ කටයුතු පමණක් සිදු කිරීමට ඉඩ ලබාදේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හක්ගල දැඩි ස්වභාවික රක්ෂිත කලාපය මෙලෙස එළි පෙහෙලි කර ගොඩනැගිලි ඉදිකර ඇත්තේ අදාළ භූමිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවරා ගැනීමකින් තොරව බවටද අනාවරණය වී ඇත. මෙලෙස අනවසර වගා කටයුතු කිරීමේදී දැඩි ස්වභාවික රක්ෂිත කලාපයේ සතුන්ගේ වාසස්ථාන රැසක්ද විනාශයට ලක්ව තිබෙන බව පරිසරවේදීහු පවසති.

එමෙන්ම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රැසක් ආරම්භ වන්නේද හග්ගල දැඩි ස්වභාව රක්ෂිත කලාපයෙනි. හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතයක් ලෙස 1938 පෙබරවාරි මස 25 වැනිදා ගැසට් කරන තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙහි අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සහ වගා කටයුතු සිදු කිරීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ බලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

– aruna

290 views

15 Comments to “හග්ගල රක්‍ෂිතයේත් අක්කර 03ක් එලි කරයි..”

  1. Love nature says:

    දැන් රටට සිදුවෙලා තිබෙන්නේ “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” දෙයක් වහාම ජනාදිපති මැදිහත් විය යුතුය.

    • දේවක says:

      මේ රටේ මාරුවෙන් මාරුවට බලේට එන්න එකම කන්ඩායමක් කියල දැන්වත් තෙරුම් ගනින්.

      • 😹😹😹😹😹😹😹😹 says:

        අපේ එකම පැතුම ” බුරුකාවක් ” අඳින රාජ්‍යයක් බවට මේ රට පත්කිරීමයි..😊😊
        ______________________විල්පත්තු රජු___________________________

        • සිංහල බන්ඩා says:

          කෝමාරිකා රජුද? ගෙවල් රජුද?

          • Love nature says:

            පරිසරය බාර ඇමති නිදිද ? මෙහෙම ගියොත් අපේ රටේ මුළු පරිසර පද්දතියම ස්වාභාවික රක්ෂිත කලාප සියල්ලම විනාශ වෙනවා ..මේ ගැන වත්මන් ගරු ජනපති ගොටාභය මහතාගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලමි ….මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර වගා කටයුතු සිදු කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලමි

    • wijebahu says:

      Yako UNP kaarayo me wage kale eli kare na. mun mulu sri lankawama winasa karanawa. mun thawa awurudu 5k hitiyoth Lanakawa desert ekak karala thamai passa balanne.

  2. රටවැසි says:

    රජ්ජුරුවන්ට , හේවායගෙයි ,අදිකාරම්ගෙයි , අරක්කැමියගෙයි , ගොවියගෙයි …… තවත් මෙකී නොකී හැමෝගෙමයි වැඩේ කොරන්න වෙලා තියෙන්නේ .

  3. Sun says:

    I am sure fools are controlling the deforestation without knowing the importance of trees to the life of people.We are going to loose running water soon. But the big people may say it is ok we can import water. That is the attitudes of fools controlling the forestry. It will take some more years to learn as they have no brains.

  4. Sun says:

    I am sure fools are controlling the deforestation without knowing the importance of trees for the life of people.We are going to loose running water soon. But the big people may say it is ok we can import water. That is the attitudes of fools controlling the forestry. It will take some more years to learn as they have no brains.

  5. හික් හිහි හි හි ok says:

    කෝ මේ රතන

  6. gona says:

    Love nature –
    dan rate janadipathi kenek nadda

    • Love nature says:

      @ gona රටේ ජනපති කෙනෙක් ඉන්න බව නොදන්නේ උබ ඉන්නේ අපායේද ?

  7. Kalpa says:

    Ko ape FB Fans la Tika😍😍

  8. Bnv says:

    This government just like previous government when comparing to environmental issues. No different all are wants to waste natural resources

  9. Kalana says:

    Hakeem idam emathi une nikan nemeyi… Allayi rata puraama

Main News