හඩ්සන් ගුවන් විදුලියට ආ ගමන්ම වැඩ අරඹයි.. 30කට උස්සන්න බැරි කෞතුක භාණ්ඩ අතුරුදන්…

July 1, 2021 at 9:20 am | lanka C news
හඩ්සන් ගුවන් විදුලියට ආ ගමන්ම වැඩ අරඹයි.. 30කට උස්සන්න බැරි කෞතුක භාණ්ඩ අතුරුදන්…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ පස්වැනි වරටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

නව පත්වීම් ලිපිය ලැබීමෙන් පසු හඩ්සන් සමරසිංහ මහතා පෙරේදා (29 වැනිදා) සවස ගුවන්විදුලියට පැමිණ නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා නික්ම ගිය අතර ඊයේ (30 වැනිදා) දින නිල වශයෙන් වැඩ භාරගැනීම සිදුවිය.

යළිත් වතාවක් සභාපති ධුරය සඳහා පත්වීම පිළිබඳ කළ විමසුමේදී හඩ්සන් සමරසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමා ජීවත් වූ ගෙදර හා සමාන බවත් නව තනතුරේ වැඩ භාරගැනීමත් සමග කරන පළමු කාර්යය ලෙස තම ගුවන්විදුලියේ අතුරුදන්ව ඇති වටිනා බඩු සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.

‘‘ගුවන්විදුලිය කියන්නේ මෙරට පෞරාණික වස්තුවක්. එහි තිබූ වටිනා බඩු රැසක් නැතිවී ඇති බවයි ආරංචි. ඒවා අති පෞරාණික වස්තූන්. නැතිවෙච්ච ඇතැම් උපකරණ තරුණයන් හතළිහකටවත් උස්සන් යන්න බැරි ඒවා. යෝධයෝ ගෙනැත් අරන් ගියාද? කියා හිතෙනවා. කවුරු මොනවා කීවත්, කළත් මොන බාධක ආවත් මම මේවා ගැන සොයා බලා අදාළ පරීක්ෂණ සිදුකරනවා. මම කිසි කෙනෙකුට බය නෑ.

සුනිල් ශාන්ත, ආචාර්ය පණ්ඩිත් අමරදේව වැන්නන් ගීත හැදූ, වාදනය කළ පියානෝ නැතිවෙලා. මේවා සංස්ථාව සතුව තිබූ කෞතුක වස්තු. මේවා ගැන සොයා බැලිය යුතුයි. බලාගෙන ගියාම සංස්ථාවට අපෙන් පස්සේ විටින් විට ඇවිත් තියෙන්නේ පල් හොරු ටිකක්. මේක ටිකක් සොයා බලා සුද්ද කර ගත යුතුයි. මේවායේ විමර්ශන වංචා විමර්ශන අංශයටත් භාරදෙන්න මම ක්‍රියාකරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පත්වූ හත් වැනි සභාපති වන්නේ හඩ්සන් සමරසිංහයි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඊයේ (30 වැනිදා) පත්කර ඇත. ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙම පත් කිරීම සිදුකර තිබේ.

– aruna

147,378 views

19 Comments to “හඩ්සන් ගුවන් විදුලියට ආ ගමන්ම වැඩ අරඹයි.. 30කට උස්සන්න බැරි කෞතුක භාණ්ඩ අතුරුදන්…”

  1. කිරිගුණ යට දුකයි says:

    කොහොම වුණත් ආයතනයට ආදරේ කියන්නෙ තමයි සභාපති කරන්න ඕනේ ….ලංකාවේ පළවෙනි රූපවාහිනිය ස්වාධින රූපවාහිනිය…ඒකට පත්කළේ පත්කළේ නිව්ටන් ගුණරත්න නැත්නම් කිරි ගුනයා ….කියන එපාම කරපු එකෙක්…අන්තිමට ඌ කෙරුවෙ අයි ටී එන් එකේ පරණ දේවල් සියල්ලම විනාශ කෙරුවා ගිනිතියලා ….ඒකෙ තිබුණු චිත්‍රපටි පරණ වීඩියෝ කැසට් සේරම ගිනි තියලා විනාශ කළා …ඔහුගෙන් පස්සේ ආපු ගෝලබාලයෝ ටික ඉතුරු ටිකත් මේ ලඟදි විනාශ කෙරුවා …දැන් එතැන තියෙන්නෙ ගොඩනැගිලි විතරයි ….පරණ බඩු කිසි දෙයක් නෑ…ලංකාවේ ඉතිහාසය මුලින්ම මුලින් මනින්ම විනාශ කරලා දැම්මා …දැන් මේවට වග කියන්නේ කවුද ….තාමත් ඒ විනාශය ඉවරයක් නෑ …කිරි ගුණයා වගේ කාලකන්නි මිනිස්සු පත් කරන්නේ නැතුව හඩ්සන් වගේ එකෙක් පත් කරපු එක හොඳයි කියලා මට හිතෙන්නේ

  2. ගුණයා නොහොත් බලු මූණ says:

    ගුවන් විදුලිය කෑවෙ කිරි ගුණය වගේ එවුන්… ඌ …lakhanda වගේ සතපහකට වැඩක් නැති radio එකක් පටන් ගත්තා …අන්තිමට කිරි ගුණය ආණ්ඩුවලට කඩේ ගිහින් …මාහා පොරක් වෙලා…ස්වාධීන රූපවාහිනියට දාගත්තා ගෙනාවෙ රෙජී රණතුංග….අන්තිමට ස්වාධීන රූපවාහිනිය ම කාලා දැම්මා හොරකම් කරලා බිල්ඩිං හදලා … ගසා කාලා…ඒක නැත්තටම නැති kala ….තැනයි තියෙන්නෙ කියන්නේ නිකං පෙට්ටියක් විතරයි …කිසිම හැඩයක් නැති බිල්ඩින් එකක් හදලා …ඒකේ තිබුණු පරණ බඩු සේරම විනාශ කරලා පැනල ගියා…ඒ විතරක් නෙමෙයි ඌ ගෙනාපු …සේරම අපතයෝ ටික …ස්වාධීන රූපවාහිනී සේවය ම කාලා දාලා ….අද ලොකු පුටුවල ඉන්නේ පට්ට අපතයෝ සෙට් එකක් ….අපරාදේ රාජ්‍ය ආයතන …මේ වගේ විනාශ කරන එක…දැන් ඇවිත් ඉන්නේ සත පහකට වැඩක් නැති බඩු කාරයෙක් …ඔයිට ඉස්සෙල්ල හිටපු එවුනුත් පල් හොරු

  3. Kaira says:

    මේක දැනගත්තම මගේ රේඩියෝව විකුණගන්න බැලුවේ. දැන් කවුරුවත් ගන්නේ නැහැ දෙවියනේ. මේ ඛව දන්නවනම් කලින්ම විකුණලා දානවා.

  4. Kaira says:

    දැනගත්තම මගේ රේඩියෝව විකුණගන්න බැලුවේ. දැන් කවුරුවත් ගන්නේ නැහැ දෙවියනේ. මේ ඛව දන්නවනම් කලින්ම විකුණලා දානවා.

  5. Kaira says:

    මේ බව දන්නවනම් මගේ රේඩියෝ ව විකුණලා දානවා. දැන්නම් කවුරුවත් නිකම් දුන්නත් රේඩියෝව ගන්නේ නැහැ. කලින් දන්නවනම් විකුණලා දානවා.

  6. janatha says:

    මේවගේ දේසපාලුව ගේ අදෝමුකයේ ජීවත්වන නිදහස් නිවහල් විද්වතුන් ලන්කොරගෙන සර් අර් කිව්ව විදියට සමාජය දියුනු කරයි වගේ.. මොකටද යකෝ අර වියත් මග​?.

  7. Ko pai says:

    30kg barai kautukagarayata Gama dunnanam oka mokakda

Main News