හඬපට ප‍්‍රතිඵල සැරවෙයි.. විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායමක් යෙදවේ..

January 23, 2020 at 10:12 pm | lanka C news
හඬපට ප‍්‍රතිඵල සැරවෙයි.. විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායමක් යෙදවේ..

ඇඹිලිපිටිය මහාධිකරණයේ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස ද නීතිපතිවරයා විසින් දන්වා ඇත.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමගින් එක්ව අධිකරණයට බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළ බවට එල්ල වන චෝදනා මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ කාරණාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට සහ විනිසුරුවරයාට එරෙහිව වෙන්න නඩු කටයුත්තක් ආරම්භ කිරීමට ද නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබා දී ඇත.

මෙම නියෝගය අනුව විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මේ වන විට කඩිනමින් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී.

204 views

2 Comments to “හඬපට ප‍්‍රතිඵල සැරවෙයි.. විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායමක් යෙදවේ..”

  1. ගමරාළ says:

    අත්අඩංගුවට අරගත්තට, මුන් ගෙ නඩු අහන්නෙ උන්ගෙ එවුන්මනෙ ඉතින් සාදාරණයක් වෙයි ද ???? හරි නන් Sexy වයි අන්කල්ලා සෙට් එකයි එල්ලලා ……. ඔන.

  2. kawinda says:

    Gamaraala. you do not worry about the decision. Cos the Attorney-General is very impartial Gentleman.

Main News