හඬපට ප‍්‍රසිද්ද වීමෙන් මට ලැජ්ජා වෙනවා.. අධිකරණයෙන් විසිවුනු රන්ජන් පොලිසියට පැමිණිලි කරයි..

January 9, 2020 at 2:10 pm | lanka C news
හඬපට ප‍්‍රසිද්ද වීමෙන් මට ලැජ්ජා වෙනවා.. අධිකරණයෙන් විසිවුනු රන්ජන් පොලිසියට පැමිණිලි කරයි..

තමන්ගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

ඊයේ පස්වරුවේ දී ඔහු මිරිහාන පොලිසියට ගොස් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

පසුගිය 04 වැනි දා තමන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවසේ තිබූ භාණ්ඩ රැසක් පොලිස් බාරයට ගත්තේ මුද්‍රා තබා බවත් ඊට පසුදින හඬ පට මාධ්‍යවල ප්‍රචාරය වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීමට මෙම පැමිණිල්ල කරන බව එහි සඳහන් කර ඇත.

මෙම හඬ පට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මගින් තමන් අගතියට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පැමිණිල්ලෙන් කියයි.

රාමනායක මහතා අදාළ සිදුවීම් සම්බන්ධව ඉදිරිපත් කරන ලද ප්‍රථම පැමිණිල්ල මෙය වේ.

කෙසේ නමුත් මෙම හඬපට ප‍්‍රචාරය කිරීමට විරුද්දව වාරණ නියෝගයක් ඉල්ලා ඊයේ දිනයේ ගංගොඩවිල අධිකරණයට ඔහු විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් ප්‍රතික්ෂේප කරන ලදී.

107 views

15 Comments to “හඬපට ප‍්‍රසිද්ද වීමෙන් මට ලැජ්ජා වෙනවා.. අධිකරණයෙන් විසිවුනු රන්ජන් පොලිසියට පැමිණිලි කරයි..”

  1. Malik says:

    ලජ්ජා බිම දිගේ ඇරලානේ ඕක කරේ ඒ නිසා ලජ්ජා වෙන්න දෙයක් නැහැ බබෝ හෑන්ඩ් ෆයිට් ඕකේ. ඕනෙම නම් බැක් සයිඩ්.

  2. සිරා says:

    අනිවාර්යයෙන් හඩ පට සියල්ල නිරවරනය කල යුතුයි. මොකද මේ හොර හැත්තගෙ නාඩගම් ජනතාව දැනගටත යුතු නිසා

Main News