හඬපට බැංකුවෙ දාලා තියෙන්නෙ.. ඊයෙ සභාගත කරන්න බැරිවුනේ ඒකයි..- රන්ජන් ඊයේ බේගලය අද තව බේගලයකින් වහයි..

January 22, 2020 at 4:40 pm | lanka C news
හඬපට බැංකුවෙ දාලා තියෙන්නෙ.. ඊයෙ සභාගත කරන්න බැරිවුනේ ඒකයි..- රන්ජන් ඊයේ බේගලය අද තව බේගලයකින් වහයි..

තමන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව පැවසූ හඬ පටන් ඊයේ දිනය සභාගත කිරීමට නොහැකි වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඒවා ඇත්තේ එක්තරා බැංකුවක ආරක්ෂිතව තැන්පත් කළ බවද ඔහු සඳහන් කළේය.

ඒවා ලබාගෙන ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැත්තේ තමන් බන්ධනාගාර ගතකර සිටින නිසා බව ද දෙදිනකට ඇප දෙතොත් ඒවා ලබාගෙන ඉදිරිපත් කල හැකි බවද ඔහු කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී ඇමති කංචන විජේසේකර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසුවේය.

කෙසේ නමුත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙර ද ආන්දෝලන්තමක හඬපට ගණනාවක් සමාජජාලාවල සංසරණය වූ අතර එම කාලයේ දී ඔහුට තිබෙන තැනකින් අදාළ හඬ පට ලබා ගැනීමේ හැකියාව තිබිණි.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය දක්වාම වසර 05ක කාලයක් මන්ත‍්‍රීවරයා නිදැල්ලේ සිටියදී පවා මේ කියන ආන්දෝලනාත්මක කිසිදු හඬපටයක් එලිදරවු කලේ නැත.

29,698 Viewers

13 Comments to “හඬපට බැංකුවෙ දාලා තියෙන්නෙ.. ඊයෙ සභාගත කරන්න බැරිවුනේ ඒකයි..- රන්ජන් ඊයේ බේගලය අද තව බේගලයකින් වහයි..”

  1. Hesh says:

    නිදහස් කරොත් බොරු හඩ පටි ටිකක් හදලා, අරයට මෙයාට මඩ ගහලා එලියට දායි. මෙ වගේ එකෙක්ටත් රැවටෙන හරක් ඉන්නවනේ.

  2. sathya says:

    What Ranjan did is correct.

  3. බන්ඩා says:

    රන්ජන් ගොන් නලුවෙක්ම තමය්. digital recordings සුල් මුදලක් ගෙවල cloud server එකකට අප් ලෝඩ් කලා නම් කාටවත් අත තියන්න බැරි බව මේ ගොනා දන්නෙ නැහැ.

  4. බන්ඩා says:

    රන්ජන් ගොන් නලුවෙක්ම තමය්. digital recordings පරිස්සමට බැංකු වල දමන්නෙ බූරැවෝ.ය සුල් මුදලක් ගෙවල cloud server එකකට අප් ලෝඩ් කලා නම් කාටවත් අත තියන්න බැරි බව මේ ගොනා දන්නෙ නැහැ.

  5. George says:

    මේ හඩ පටවල කුනුහරුප වලට එහා ගිය කතාවක් තියෙනවා. රන්ජන් විසාල පිරිසකගෙන් කප්පං මුදල් ලබාගෙන තියෙනවා. මේක සුලු පටු මුදලක් නොවේ කෝටි ප්‍රකෝටි ගානක්. මේවා බැංකු ගිනුම් සහිතව හෙලිවී හමාරයි. මේ පිලිබද රංජන් කටක් හොලවන්නෙත් නෑ අනෙක් පාර්ශවයෙන් ප්‍රතිචාරයකුත් නෑ. අන්තිමට කේ පී වගේ ප්‍රස්නය විසදෙයි. අපට සදා කාලික රහසක් වේවි.

    • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන රුපියල් ලක්ෂෙ වගේම පැමිණීමේ දීමනාව නොගන්නා එකම මන්ත්‍රීවරයා. තාම ඉන්න ගෙයක් නෑ. මඩ ගැහුවට හෙණ ගහන බොරු කියන්න එපා. තොගෙ පවුල් පිටින් හැඳිගෑවෙයි.

  6. Dubba says:

    එව්වා තවම production එකේ වගේ.
    හා! හා! මේ මොනවා කිව්වත් ජවිපෙ අපි විශ්වාස කරන්නේ අපේ ගොන්ජ කියන එක තමයි.
    බලන්නකෝ අපි කතා කරන කොට.
    අපේ ගොංජා අපිට රංජ !!!!

  7. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජා හැමදාම කළේ බොරැව, වංචාව සහ තන්කඩිකම සහ කුපාඩිකමි. මූ තරමි අසමිමත්ජාති බොරැකාරයෙක් මුළු පාර්ලිමේන්තු ඉතිහාසයේම සිට නෑ. මූ උගත් කමක් නැති ගොනෙක්, මෝඩයෙක්.
    දැන් මූ ලඟ ඇති හඬ පටයක් නෑ. ඒව පටිටපල් බොරැ. පොලීසියෙන් ගෙදරට කඩා පනිනකමි මූ දැනං හිටියෙ නෑ වෙනදේ. මුගේ ගෙදරම හිටපු එකා ගාණට ඔත්තුව දුන්නා. මු⁣ගේ නිරැවත හෙලිකළ සේවකයාට තෑගි දිය යුතුයි.
    දැන් මූ තව හඬපට තියෙනව කියල කියන්නෙ තව නඩුකාරයො සහ දේශපාලකයො බය කරන්න. පාර්ලිමේන්තුවට බොරැ කියන එකා විශ්වාස කරන්න පුළුවන්ද?
    දැන් මූ ලඟ ඇති හඬ පටයක් නෑ.
    තියෙන්නෙ තටිටෙයි ලබිබයි විතරයි.

  8. සරා says:

    ඇ බං මීහරකෝ ‌ෙතෝ පලමු ඇප දිමෙන් සති එකහමාරක් විතර ‌ෙගෙදරනේ හිටියේ ඒදවස්වල ගන්න තිබුනානේ.‌ෙතොගේ ලග ඇති සියල්ල ‌ෙපොලිසිය ඩැහැගෙන ගියා.දැන් ඇට ‌ෙදෙක විතරයි ‌ෙතොට තියෙන්නේ.

    • එහෙම ගෙදර ගෙනාවනම් මූ පස්සෙ යන cid ඔත්තුකාරයො ඒකත් ගන්නවා. ඒ කාලෙ ඒවට අත නොතිබ්බෙ ඒක නිසා කියල නොතේරෙන්න උඹ බබෙක්ද?

  9. පකිරිත්තමා says:

    බැංකුවේ තියන හඬපට ගන්න ඇප දෙන්න ඕන නැහැ. තමන්ගෙ හිතවතෙකුට බලය පවරල ඇටෝනි බලපත්‍රයක් දුන්නනම් ඒක ලේසියෙන්ම කරන්න පුලුවන්. නමුත් අවුල තියෙන්නෙ බැංකුවේ එහෙම දෙයක් නැති එක නේ. ඒ නිසා ඇප දුන්නොත් බැංකුවේ තියන හඩපට එළියට දාන්නම් කියනවා. UNP ගැලරිය පිනවන සුපිරි කතාවක් ඒක

Main News