හතර දෙනෙක් එල්ල මරන්න මා අත්සන් කලා..- ජනාධිපති කියයි..

June 26, 2019 at 11:20 am | lanka C news
හතර දෙනෙක් එල්ල මරන්න මා අත්සන් කලා..- ජනාධිපති කියයි..

දැනට මරණ දඬුවම නියම කර බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 04 දෙනෙකුට මරණ ලබා දීමට තීරණය කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම පිරිසට මරණ දඬුවම ලබා දීම සදහා වන නියෝගයට තමන් මේ වන විට අත්සන් තැබූ බවත් ඔහු සදහන් කරයි.

ඒ අනුව දඬුවම ක‍්‍රියාත්මක කරන දිනයද තීරණය කර ඇතැයි ඔහු පැවසීය.

ජනාදිපති මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන් හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා දිනය තීන්දු කර අත්සන් කර අවසන්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා දිනය තීන්දු කර අත්සන් කර අවසන් බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා අද (26) පැවති සාකච්ඡාවේදී ගරු ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කළේය.

Gepostet von Maithripala Sirisena am Dienstag, 25. Juni 2019

32 views

22 Comments to “හතර දෙනෙක් එල්ල මරන්න මා අත්සන් කලා..- ජනාධිපති කියයි..”

  1. Gayantha says:

    ඉරාකේ සදාම් හුසේන් ඒල්ලුවෙත් එයා අනිත් අය එල්ලපු නීතියෙන්මයි. මෙයාටත් බලේ නැතුවන ගමන් වෙන්නේ ඕකමයි, කරලා තියෙන වැඩ වල හැටියට.

    • Karma says:

      ගයන්ත,හරියට හරි කතාව.අනුන්ව එල්ලන කඹේ මෙයාටත් එල්ලෙන්න වෙයි

  2. KK says:

    යෝධ පියවරක්… හා හා හා … ජනාධිපතිවරණයට තව මාස 4 නේ….

  3. sathya says:

    Wele Suda…………….?

  4. Dev says:

    Marana danduwama kiya deyak natha

    eyath thawath mini mareemaki

  5. Gajabinna says:

    Hari ..Ellumgaha Active karala thiyagnnawa hondai ..
    issarahata Onewei thamun karala thiyene wadawala hatiyata

  6. baila says:

    wede wenakal kiyanna beha…hitan ge weda… diwa deke… mona magulada …ellala dala karana deyak kiyanne nethiwa…

  7. ටකරමා says:

    මූ කෙරුවයි කියන්ඩ කලේ මේ වැඩේ විතරයි. ඒකත් කුඩුකාරයොත් එක්ක ඌත් අවීචි මහා නරකාදියෙ යන ජාතියෙ වැඩක්. උන්දැ කෙරුවොත් ඉතිං ඔය වගේ වැඩක් තමයි.

  8. Love nature says:

    ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ.

  9. Mangala says:

    Kawda ellanne oyada ellum gaha wadakaranawada ballanna ellila pennanna barida

  10. Amila says:

    MEEYO da ?