හත් ලක්‍ෂයක මාසික කුලියට වාහන ලිපියට අත්සන් නොකරන බෝපගේ එලවනු.. ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58ක් සැප රථගායෙන් කිපේ..

December 22, 2016 at 10:40 am | lanka C news
හත් ලක්‍ෂයක මාසික කුලියට වාහන ලිපියට අත්සන් නොකරන බෝපගේ එලවනු.. ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58ක් සැප රථගායෙන් කිපේ..

රුපියල් හත් ලක්‍ෂයක මාසික කුලියට වාහන ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය පවා අනුමත කර තිබියදී ඊට විරුද්දව කටයුතු කරන ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ වහා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ආණ්‌ඩුවේ පසු පෙළ මන්ත්‍රීන් 58 දෙනකු විසින් ජනපතිට හා අගමැතිට ලිපියක්‌ ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වාහන ලබා දෙන්නේ තම මැතිවරණ කොට්‌ඨාසයන්හි ජනතා සේවයට සක්‍රීයව දායක වීමට බවයි.

අදාල වාහන සදහා කුලිය ගෙවුවද ඒවා ආපසු රජයට අයිතිවීමේ යාන්ත්‍රණයක්‌ සකසා තිබියදීත් ලේකම්වරයා එය නොපිලිගෙන කටයුතු කිරීම දැඩි ගැටලුවක්‌ බවද මෙම මන්ත‍්‍රී පිරිස කියා සිටිති.

0 views

2 Comments to “හත් ලක්‍ෂයක මාසික කුලියට වාහන ලිපියට අත්සන් නොකරන බෝපගේ එලවනු.. ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58ක් සැප රථගායෙන් කිපේ..”

  1. තිස්ස says:

    දැනට මේ මන්ත්‍රීවරු 58 දෙනා ඡනතා සේවය පිනිස පාවිච්චි කරන්නේ බර කරත්ත නම්, මේ කුලී වාහන දුන්නට කමක් නැත…

  2. Champa says:

    කවුද මුන් 58? ඒකාධිපති ආණ්ඩුවක අගමැති ඉස්සරහ හිතට එකඟව කෙලින් වැඩ කරන රජයේ නිලධාරියෙක් බිල්ලට දීලා,රනිල්ගෙන් වාහන අල්ලස් ගන්න හදන මෙවුන් එකෙක්ටවත් ආපහු පාර්ලිමේන්තු එන්න ඉඩ තියන්න එපා. රථගාය ඔළුවට ගහලා මුන්ගේ.

    දැන් කොයි තරම් දේවල් දීලා තියෙනවද? මට තේරෙන්නේ නැහැ, මෙහෙම වාහන කුලියට ගන්න දෙනවා නම් අමාත්‍යංශයේ වාහනවත්, duty free වාහනවත් ගන්න දෙන එක වැරදියි. බල්ලට ඇති වැඩකුත් නැහැ හැබැයි වාහන කට්ටක් දෙනවා කිව්වහම කෙල හලනවා. අනේ මෙහෙම සල්ලි වලටයි, වාහන වලටයි පෙරේත හැත්තක් නම් කවදාවත් ආණ්ඩු කලේ නැහැ.

    බෝපගේ නම් ඉතිහාසගත වෙයි. මොන පැත්තේ වුනත් මුන් ඔක්කොම අල්ලස් ගත්තට ඉදිරියේදී සිර ගත කල යුතුයි.

    විපක්ෂයේ ඉන්න පහුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට නොකරපු දේවල් වලටත් නිදහසට කාරනා අහනවා, රාජකාරියටවත් වාහන දෙකක් පාවිච්චි කරන්න බැහැ, නිදහසට කාරනා අහනවා. මහා අපරාධකරයන්ගෙන්වත් මිනීමරුවන්ගෙන්වත් ප්‍රශ්න අහන්නැති විදියට, FCID එකයි, ජනාධිපති කෝලමයි තමන්ම චෝදනා අලුතින් නිර්මාණය කරලා, පැමිණිල්ලක් ආවා කියලා බොරු කරලා, පහුගිය රජයේ ඇමතිවරුන්ව පැය ගණන්, මුළු දවස පුරාම ‘නිවාස අඩස්සියේ’ දාගෙන මාස ගණන්, අවුරුදු ගණන් ප්‍රශ්න කරනවා. හැබැයි මුන්ට රජයේ නිලධාරියෙක්ව බය කරලා ප්‍රසිද්ධියේ වාහන අල්ලස් ගන්න පුළුවන්. නටපල්ලකෝ ඔහොම. කකුළුවෝ නටන්නේ වතුර පැහෙන කම් විතරලුනේ. ළඟදීම Bribery Prison කියලා විශේෂ අළුත් හිරගේදරක් හදන්න වෙයි. ඇයි අප්පා, කී දෙනෙක්ද, අනිත් එක මෙහෙම අල්ලස් ගන්න හැටියට, එකා multiple times හිරේ දාන්න ඕනේ.

Main News