හත් ලක්ෂයක මාසික කුලී වාහනවලට අත්සන් නොකරන්නේ නම් ඉල්ලා අස්වනු.. – නිමල් බෝගගේට අගමැති දන්වයි..
December 8, 2016 at 2:10 pm | lanka C news
මාසිකව රුපියල් හත් ලක්ෂයක පමණ කුලී මුදලක් ගෙවමින් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56 දෙනෙකුට වාහන ලබා දීම සදහා වූ යෝජනාව ක්‍රියාවට නැවීමට අදාල ලියකියවිලි වලට අත්සන් තැබීමට නොහැකි නම් වහාම තනතුරින් ඉල්ලා අස්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේට ඊයේ (07) පැවති ආර්ථික කළමනාකරණ කමිටු රැස්වීමේදී දන්වා තිබේ.
මුදල් ඇමති රවි කරුණානායකද එහිදී පවසා ඇත්තේ මෙම ලේඛණවලට අත්සන් නොකරන්නේ නම් ඉදිරියේදී ජනමාධ්‍ය අමාත්‍යංශයට මුදල් වෙන් නොකරන බවයි.
එහිදී අදහස් පල කරමින් නිමල් බෝපගේ පෙන්වා දී ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ කාලය තවත් ඉතිරිව ඇත්තේ මාස 45ක් නිසා මාස 60කට අදාලව ගිවිසුමක් තමනට අනුමත කල නොහැකි බවත් විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් තොරව මීට එකඟවිය නොහැකි බවත්ය.
ඉන් අනතුරුව අගමැතිවාය දන්වා ඇත්තේ අදිාල ලියවිලිවලට අත්සන් කල නොහැකි නම් තනතුරින් ඉල්ලා අස්වන ලෙසයි.
කෙසේ වෙතත් නිමල් බෝපගේ මහතා පත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වන අතර ජනාධිපතිවරයාද පසුගියදා සිය නිර්දේශ ඉදිරිපත් කරමින් කියා සිටියේ වාහන සදහා මෙතරම් මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි.
Oba thuma hardaya sakshiyata ekagawa wada karanna
අගමැති වසලයෙක් නැත්තම් සියලු දෙනාගෙ ප්‍රවාහනයට බස් ඒකක් දාන්න බැරි මුලු පාර්ලිමෙන්තුවටම බස් 10 ක් අැති
මු අම්මගේ Mr.Clean කෙනෙක් සුද්ද කරනවා කියලා මේ විදියට හුරගේනගෙනම කලා මොනවද අපිට ඉතිරිවෙන්නේ? අර කොලොන්නාවේ වට්ටිඅම්මා කියපු කෝෂය විතරයි.එකත් ඉතිරිවෙවිද කියලා කියන්න බැ.මොකද එක ඉතිරිවෙන්නත් හම ඉතිරිවෙලා තිබෙන්න ඕනේ.නැතිව කටුවෙන් එල්ලෙන්නේ නැනොවා.කොහේද මේ කාලකන්නි පොනියට තේරෙන්නේ නැ නොවැ එක.මොකද ඌට එල්ලෙන්න කෝෂයවත් නැතිනිසා.අනේ මන්දා මේවා දැකලා නිකම් මට කලන්තේ වාගේ.
well done brother.
මුන්ගේ යහපාලනය තමි මේ. අහිංසක මිනිස්සුන්ට බදු ගහල බෙල්ල ලගටම හිරවෙලා පන් කියා ගන්නත් බැරිව ඉන්නේ. මුන් එගහන බදු සල්ලිවලින් පිස්සු නටනවා. මේ යහපාලනයක් නෙමෙඉ. කරුමක්කාර පාලනයක්. මුන් අපේ රට විනාස කරනවා. සියලු සිංහලයන් එකාවන්ව එකතු වෙන්න ඕන වෙලාවක් මේ. නැත්නම් අපිට නිදහස් රටක් නැතිවෙනවා.
අපිට සැප ගන්න ඕනදේ අපි කරනව. හැන්ද තියෙන්නෙ අපේ අතේ. තොපිට පාන් නැත්නම් කේක් කාපියව්. අපට මොකද. තොපේ බෙල්ල මිරිකල හරි අපි බදු ගහල මේව කරනව. තොපිට පුලුවන්ද නවත්තන්න. 62 ලක්ෂයක් මේව කරන්න අපට අවසර දුන්න. ඒක දැන ගනිව්.