හත් වසරකට පසු බෝම්බ බියෙන් ජනයා බයභීත වෙති.. තැපැල් දුම්රිය දෙපැයන් නවතා සෝදිසි කරති..
December 27, 2016 at 8:40 am | lanka C news
ඊයේ රාත්රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කිරීමට නියමිතව තිබූ රාත්රී තැපැල් දුම්රියේ බෝම්බ ඇතැයි ලද තොරතුරක් මත දෙපැයකට වැඩි කාලයක් ප්රමාද වී ගමන් ඇරඹීය.
පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව දුම්රියේ සියළු මගීන් ඉවත් කර එය හදිසි පරීක්ෂාවකට ලක්කරන ලදී.
දෙවරක්ම දුම්රිය පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසු රාත්රී 10.25ට පමණ දුම්රිය ගමන් ආරම්භ කලේය.
මෙසේ බෝම්බ බියක් හේතුවෙන් දුම්රියක් පැය කිහිපයක් නවතා පරීක්ෂා කරනු ලැබුවේ 2009 වසරෙන් පසු පළමු වරටයි.
දුම්රියපොලේ සිටි බොහෝ මිනිසුන් බොහෝ දෙනා භීතියට පත්ව සිටිනු දක්නට ලැබින.