හතුරුසිංහ, තේරීම් කමිටුව මට අස්වෙන්නැයි බලකලා.. කුණු බැණුම් බනිමින් මැතිවුස් ඉල්ලා අස්වූ ලිපිය මෙන්න..

September 24, 2018 at 10:40 am | lanka C news
හතුරුසිංහ, තේරීම් කමිටුව මට අස්වෙන්නැයි බලකලා.. කුණු බැණුම් බනිමින් මැතිවුස් ඉල්ලා අස්වූ ලිපිය මෙන්න..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හා තේරීම් කමිටුව විසින් තමනට නායකත්වයෙන් ඉල්ලා අස්වන්වන්නැයි දැනුම් දීම අනුව තමන් ඉන් ඉල්ලා අස්වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නාටයක ඇන්ජලෝ මැතිවුස් පවසයි.

ඔවුන් සමග පැවැති රැස්වීමේදී නායකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි පැවසීමෙන් තමන් මවිතයට පත් වූ බවද ඔහු කියා සිටී.

කණ්ඩායමේ සෑම තීරණයක්ම පුහුණුකරු හා තෙරීම් කමිටුව සමග එක්ව ගනු ලැබූවත් පරාජයේ සම්පූර්ණ වගකීම තමන්ට පැවරීම පිලිගත නොහැකි බවත් ඔහු සදහන් කරයි.

මේ බව සදහන් වන්නේ මැතිවුස් විසින් සිය ඉල්ලා අස්වීම දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වාට යොමු කරන ලද ලිපියේය.

තමන් පරාජයේ කොටස්කරුවෙකු බව පිලිගන්නා නමුත් සම්පූර්ණ පරාජය තමන්ගේ වගකීමක් නොවන බවත් මැතිවුස් කියා සිටී.

තමන් නුසුදුස්සෙක් වන්නේ නම් ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙන් විශ‍්‍රාම ගැනීමට වුවද සූදානම් යයි එම ලිපියේ වැඩි දුරටත් දැක්වෙයි.

144 views

46 Comments to “හතුරුසිංහ, තේරීම් කමිටුව මට අස්වෙන්නැයි බලකලා.. කුණු බැණුම් බනිමින් මැතිවුස් ඉල්ලා අස්වූ ලිපිය මෙන්න..”

  1. Chris says:

    අපේ රටේ ඉන්න මොඩ තකතීරු හැත්ත ක්‍රිඩාවක් ගැන දන්නේ නැහැ. පුහුනුකරු සහ පාලක මන්ඩලය සහ තේරීම් කමිටුව වග කියන්න ඕනෙ නායකයට වඩා මේ පරාජයට. එක වෙනස‍යි කරන්න ඕනෙ. ක්‍රීඩාවට ආදරේ එඋන් ටිකක් මේක බාරගෙන සල්ලි වලට ආදරේට ක්‍රිකට් ගහන කාලකන්නි ටික අයින් කරන්න ඕනෙ.
    ක්‍රීඩාවට ආගම ගාවගන්නෙ පල් හොරු මෝඩයෝ මිසක්, වැස්සකට වත් පන්සලකට ගිය එවුන් නෙවෙ‍යි. මැතිවුස් නායක කමින් අයින් උනත් දිගටම ක්‍රීඩා කරන්න ඕනෙ. මුන්ට තේරෙන්නෙ නැහැ දැන් තියෙන තත්වය තේරුම් ගන්නවත්. ඉරිසියවට කතා කරන එවුන් ගොඩක් මේකෙ අදහස් දක්වලා තියෙන්නෙ. මම හිත්නවා මැතිවුස් මේකට පිත්තෙන් උත්තර දෙයි කියල.

  2. ගලබොඩ අත්තේ චමින්ද says:

    නායකත්වය දරපු ගොඩාක් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගියේ සිත් සතුටින් නෙමේ. ආසියාවේ නොවන රටවල නම් එම ක්‍රීඩකයාගේ කාලය අවසන්වෙද්දී ඔහු සමග කතාකරලා ඒ වගේම ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් සොයාගෙන නිසි කලට එම ක්‍රීඩකයාට ගෞරවාන්විත සමුගැනීමක් දෙනවා. උදා. මයිකල් හසී, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මහගු සේවයක් කල ක්‍රීඩකයෙක්. ඔහු වෙනුවෙන් එරට අගමැති තේපැන් සංග්‍රහයක් පැවැත්වුවා ඔහුට ගෞරවයක් ලෙස. නමුත් ලංකාවේ, ක්‍රීඩකයන් සිටින්නේ පාලකයන්ට ඉහලින්. ඉන්නෙත් රූකඩ පාලකයෝ. ලංකාවේ තත්වය මතක් කලොත් 1. බන්දුල වර්ණපුර ද.අප්‍රිකා ගමන ගිහින් අවසන් වුනා, 2. දුලිප් මෙන්ඩිස් – පුදුමාකාර විදිහට බැට කාපු , මිනිසුන්ගෙන් පවා ප්‍රහාර කාපු (මහනුවරදී) නමුත් ක්‍රීඩාව ඔසවාතබන්න වෙරදරපු කෙනෙක්. 3. රන්ජන් මඩුගල්ල – කෙටිකාලයක් නායකත්වය දරා ඉවත් වුනා. 4. අර්ජුන රණතුංග- ලෝක කුසලානය ගෙනාපු සිංහ හදවතක් තිබුණු නායකයා නමුත් 1999 දී ඔහුගේ තත්වයට හානි වුනා. ඒ නිසි වෙලාවට විශ්‍රාම නොගැනීම. නමුත් හොඳ අවසන් තරඟයක් ක්‍රීඩා කරලා දෙමාපියන් , පුහුණුකරුවන් ඇතුළු පවුලේ අයගේ සභාගිත්වයෙන් ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය ඇතුව සමුගත්තා. නමුත් ලෝක කුසලානය දිනලා ටික කලකින් සමුගත්තානම් මීටත් වඩා මිනිසුන්ගේ හදවත්වල ඔහු රැදේවි.5. සනත් ජයසූරිය – සුපිරි තරුව විශ්‍රාම ගොස් නැවත ක්‍රීඩාවට ආවා හෝ ගෙනාව. නමුත් අන්තිමට ක්‍රීඩා ලෝලීන්ට ඔහු එපවුනා. හරිම කනගාටුවක්. 6. මාවන් අතපත්තු – ඔහුටත් ප්‍රීතිමත් සමුගැනීමක් ලබුමේ නැහැ. අතනින් එහා තත්වය ගොඩක් අය දන්නවා. මෙම තත්වයට වගකියන්න ඕනේ බලධාරීන්. ක්‍රීඩකයන් ඔවුන්ගේ තැන තියලා සාධාරණ තීන්දු තීරණ ගන්නවානම් මෙවැනි දේ වෙන්නේ නැහැ.

    • sanidu sooriarachchi says:

      දවස් ගණන් මැච් , බිග් මැච් කියල ඉස්කෝලවල විකාර නටනවා, මැච් දවසට office වල ගෙවල් වල මෙලෝ වැඩක් නැහැ, කකුල් උඩ තියන් ගෑනිගෙන් බැනුම් අහ අහ බෝතල් හිස් කරනවා.
      මේකත් සුද්ද යටත් විජිත පාලනයෙදී බෝ කල සාප වලින් එකක් කියල අපේ උන්ට තේරෙන්නේ නැහැ. නිකන් තමාගේ කාලේ කා ගන්නවා. පැලැන්තියකට වැජබෙන්න හුරේ දානවා. ක්‍රිකට් ක්‍රීඩකයොත් ක්‍රිකට් පාලකයොත් රටේ මජර දේශපාලුවෝ එක්ක රට කනවා.

  3. Jona says:

    අපේ ටීම් එකේ බෞද්ධයෝ ඉන්නවා , ඉස්ලාම් අය ඉන්නවා ,හින්දු අය ඉන්නවා කතෝලිකයෝ ඉන්නවා . ඒ වගේම සිංහල දෙමල ,මුස්ලිම් බර්ගර් අය ඉන්නවා . ඇත්තටම මම දාන්නේ නැහැ වෙනත් අය ඉන්නවාද කියලා . හැබැයි මේ ටීම් එකට හුරේ පාර දාන්න නම් ඔයා ජාතීන් සහ ආගමිකයින්ට අමතරව වෙනත් ආගමිකයන් සහ ජාතීන් ඉන්නවා . මේ ටීම් ඒකම පනසලේ පිරිත් අහනවා , පල්ලි කෝවිල් යනවා . මොකද නියෝජනය කරන්නේ අර හුරේ පාර දාන විවිධ ජාතීන් සහ ආගමිකයන් නිසා . හැබැයි ඇයි මේ මැතිව්ස්ට විතරක බනින්නේ ? මැතිව්ස්ගේ ඉතාමත් පැහැදිලිව එක ආගමක් උලුප්පලා පෙන්නනවා . ප්‍රක්ටිස් කරන එක සහ අනෙක් ආගමිකයන්ගේ ආශිර්වාදය බල්ලට දානවා . මේක ඉතාමත් පැහැදිලිව පේනවා . ඒ වගේම කතා කරන්නෙත් එක ආගමක් ගැන උළුප්පමින් . කවදාවත් අර්ජුන කිව්වාද , වර්ල්ඩ් කැප එක දින්නහාම මේක තෙරුවන් සරණින් දින්නේ කියලා ? නැහැ . ඒ එමනුස්සයාගේ වැදගත් කම . නියම ක්‍රීඩකයෙකුගේ මහත්මා ගතිය . තමාගේ ආගම ජාතිය මොකක්ද කියලා ඕනේ කෙනෙක් දන්නවා . ඒවා රහසක් නෙවෙයි . එහෙත් ඇන්ජලෝ තරම් කාගේවත් බළල් අතක උනේ නැහැ අනෙත් අය. // ඔන්න ඕකයි අන්ජලොට මිනිස්සු අකමැති .

  4. Chikka Sigera says:

    dont take mathews even as a player he will break team unity. an utterly disruptive fellow, selfish brute

  5. taxpayer says:

    hingannoth tax gewana rate billion ganan hamba karana mema ayagen tax gannawada? assets, banku ginum check karanna
    sangage wathkam berakam million 1000 ikmawa etha tax gewanawada?

  6. sethan says:

    ප්‍රශ්න ඇතිවෙන්නේ රටේ සංස්කෘතිය දන්නේ නැති උනහම.පාසල් වලින් හරියට ඔය පණිවුඩය දෙන්න ඕනේ

  7. ladaruwa says:

    උඹට පරාජයේ වගකීමක් බාරගන්න බැරිනම් දිනුවම ඒ් උඹගෙ කැප්ටන්සි හින්ද කියන්න බෑ. නායකය තමයි දිනන්න පරදින්න හේතුව. උඹ ඔ්ක පුළුවන් එකෙක්ට දීල මැච් ගහපන්.

Main News