හතුරුසිංහ ඉවතට.. ශ‍්‍රී ලංකා පිල අලුත් පුහුණුකරුවෙක් යටතේ දකුණු අප‍්‍රිකාවට..

February 2, 2019 at 10:40 am | lanka C news
හතුරුසිංහ ඉවතට.. ශ‍්‍රී ලංකා පිල අලුත් පුහුණුකරුවෙක් යටතේ දකුණු අප‍්‍රිකාවට..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මීලග තරග සංචාරයේදී සහභාගී කර නොගැනීමට ඉඩ ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මීලගට සිදු කිරීමට නියමිත දකුණු අප‍්‍රිකානු සංචාරය සදහා පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන හෝ ස්ටීවන් රික්සන් පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

රුපියල් ලක්‍ෂ 75කට ආසන්න මාසික වැටුප් හා දීමනා ලබා දෙමින් චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස කටයුතු කලද කණ්ඩායමේ සැලකිය යුතු ප‍්‍රගතියක් නොපෙන්වීම සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් ඇත.

35 views
Main News