හතුරුසිංහගේ කොලෙත් ඉරා ඇගෙත් හලයි.. ලංකාවට එරෙහිව බංග්ලාදේශය වාර්තාගත ජයක් වාර්තා කරයි..

January 19, 2018 at 6:57 pm | lanka C news
හතුරුසිංහගේ කොලෙත් ඉරා ඇගෙත් හලයි.. ලංකාවට එරෙහිව බංග්ලාදේශය වාර්තාගත ජයක් වාර්තා කරයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජය කර බංග්ලාදේශය ලකුණු 163 ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

බංග්ලාදේශය තරගයේ මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු ඕවර 50දී කඩුළු 07ක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා පිලට එරෙහිව බංග්ලාදේශය විසින් ලබා ගත් වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙස සටහන් කරමිනි.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රී ලංකා පිලට පන්දුවාර 32.2 කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි.

බංග්ලාදේශය විසින් අද වාර්තා කලේ සිය ක්‍රිකට් ඉතිහාසයේ තරඟයක දී වාර්තා කල දැවැන්තම ජයග‍්‍රහණයයි.

ලකුණු පුවරුව මෙතනින්

70 views

22 Comments to “හතුරුසිංහගේ කොලෙත් ඉරා ඇගෙත් හලයි.. ලංකාවට එරෙහිව බංග්ලාදේශය වාර්තාගත ජයක් වාර්තා කරයි..”

  1. SUNIMAL says:

    මීලග තරග 2 ජයගන්න පාර්ථනා කරමු

Main News