හතුරුසිංහ 11 එයි.. පුහුණුකරු තනතුර බාර ගනී.. පළමු හතුරා බංග්ලාදේශයයි..
December 8, 2017 at 3:50 pm | lanka C news
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ චන්දික හතුරුසිංහ මහතා මේ මස 11 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
නමුත් ඔහු ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය බාර ගනු ඇත්තේ මෙම මස 26 වැනිදා බවද සදහන්ය.
හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් දෙසැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි නිලධාරීන් සමඟ ඉදිරි ඉලක්ක හා වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවක් පවැක්මීට සැලසුම් කර ඇත.
ඉන් පසු මෙම 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නිල වශයෙන් හතුරුසිංහගේ සේවය ලබා ගැනීම දැන්වීම සදහා වන මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට සූදානම් කර තිබේ.
මේ දිනවල පැවැත්වෙන ඉන්දීය සංචාරයෙන් පසු ජනවාරියේදී පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ සිට හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයේ වැඩ කිරීමට නියමිතය.
Can predict what will happen.
We will loose to Bangladesh and this man Will get the marching orders.
Poor guy.
SLC will save their head one more time
WELL COME BOARD JAYA SREE
Most successful coach in Bangladesh history
මට දුක හතුරුසිංහ ගැන. බංගලිදේශයේම හිටියනම් හොඳයි. මෙහෙ ඇවිත් එයාට යන එන මං නැතිවෙයි. පිළිගැනීමකුත් නැතිවෙයි. පවු අනේ. ඉල්ලන්නේ කන්නේ.