හදිසියේම ආ ප‍්‍රකෝටිපති අදානි මන්නරාමේ.. ලංවිය සුලං විදුලි බලාගාරය දෙසට හැරෙයි… සාකච්චා…

October 26, 2021 at 12:22 am | lanka C news
හදිසියේම ආ ප‍්‍රකෝටිපති අදානි මන්නරාමේ.. ලංවිය සුලං විදුලි බලාගාරය දෙසට හැරෙයි… සාකච්චා…

ඉන්දීය කොටිපති ව්‍යාපාරිකයෙකු වූ ගෞතම් අදානි මහතා ඇතුලු පිරිසක් (25) සවස හදීසියේම මන්නාරමේ සංචාරයක නිරත වූහ.

විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුලං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා ඇති මන්නාරමේ සුලං විදුලි බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ගෞතම් අදානි මහතා ඇතුලු පිරිසක් අද දින මන්නාරම පැමිණ ඇත්තේ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානාවකින්ය.

එහිදී ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස මන්නාරමේ පිහිටි සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳවද නිරීක්ෂණය කොට එහි නිලධාරීන් සමග සාකච්ඡා කොට ආපසු අද සවසම කොළඹ බලා පිටත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41,979 views

8 Comments to “හදිසියේම ආ ප‍්‍රකෝටිපති අදානි මන්නරාමේ.. ලංවිය සුලං විදුලි බලාගාරය දෙසට හැරෙයි… සාකච්චා…”

  1. සුදානි says:

    ඉන්දියන් ආණ්ඩුවෙන් වෙන්න ඇති සල්ලි දෙනවා ඇත්තේ. ත්‍රිකුණාමලය අල්ල ගත්තාවගේ මන්නාරම අල්ලගන්න හදන්නේ. තෙල් තියෙන හරියෙන්ම දීපල්ල. 80% කොමිස් කුට්ටියක් කඩා ගන්න පුලුවන්. වත්තෙ හුලගයි, තෙලුයි , ඉන්දියාවට ආරශාවයි. ඩොලර් බිලියන ගාණක් වියදම් වෙන වැඩක් සිල්ලරට කර ගන්න පුලුවන්

  2. Jagath says:

    ඔය හෙලිකොප්ටර් එකම තමයි පසුගිය කාලේ අනුරාධපුරේ භාන්ධනාගාරේ බස්සලා පිස්තෝල කේස් එකට සම්බන්ධ වුනේ

  3. 3% ට බය බයියා. says:

    ලක් මවගේ ඇස් ,මස් ,ලේ ඉන්දියන් කාරයන්ට ,චීන්නුන්ටයි ,ඈමරිකන් කාරයන්ට විකුණනවා .දේශප්‍රේමී නඩය නිහඩ වෙලා .ඒ දෙස බලා 69 ලක්ෂය කිරිබත් උයාගෙන කයි .හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.කොහොම ද වෙනස ෂැපායි …………

  4. helaya says:

    Stop Adani – “Adani is breaching the human rights of Wangan and Jagalingou people in Australia. It’s been revealed that Adani is about to bulldoze and destroy a major Wangan and Jagalingou cultural site – which has the highest concentrations of artefacts on Adani’s vast mining lease.”

    “Adani’s investors, including BNY Mellon, are enabling Adani’s destruction of Wangan and Jagalingou cultural heritage.”

  5. Manel says:

    Not a big issue. If anyone else want to invest on similar projects, pl come forward.

  6. රජන්ගනේ යාය 7- පිම්පි චාමර says:

    ආදානි කියන්නේ මල්ලි මගේ හොදම යාලුවෙක්, සල්ලිකාරයෙක්.
    එය අපේ ගෙදර ගෙන්නලා මාර සොමියක් දුන්නා.
    මට මර වාසි, එය ගෙදර යට ව්ද්දට මොකද අනේ මල්ලි

  7. SL says:

    රටේ විදුලිය, විදේශීය පාලනයකට දෙන එක තරම් රට අමන කමක් අපි පත් කරලා යවපු කාලකන්නින්ට තියෙනවා දැක්කහම හරි දුකක් දැනෙනවා.

    රුසියාවෙන් ගෑස් ලයින් ඇදගෙන ,එහෙන් විතරක් ගෑස් ගන්න ගිහින් යුරෝපෙට වෙලා තියෙන දේ මුන්ට පෙනෙන්නේ නැතිද ?

    ලංකාවේ පත්තු කරන බල්බ් එකක් ගානේ පිටරටට සල්ලි යවන්නන වෙනවා……………..ඔයිට ලාබයි හොර ෆීසිබිලිට්ය් නැතිව හරි ෆීසිබිලිටි හදල IMF ලෝන් එකක් අරන් ප්‍රොජෙක්ට් කරන එක.

    මේ ආණ්ඩුව (මමත් චන්දෙ දුන්න ) මේ කරන ගොන් වැඩ නිසා ආයේ රට කවදාවක්වත් ගොඩ එන්නේ නැහැ.
    බැසිල් නම් ඇමෙරිකා යයි. අපි ??

  8. 69 MIN BAIYOO says:

    ලක් මවගේ ඇස් ,මස් ,ලේ ඉන්දියන් කාරයන්ට ,චීන්නුන්ටයි ,ඈමරිකන් කාරයන්ට විකුණනවා .දේශප්‍රේමී නඩය නිහඩ වෙලා .ඒ දෙස බලා 69 ලක්ෂය කිරිබත් උයාගෙන කයි .හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.කොහොම ද වෙනස ෂැපායි …………