හදිසිය වැඩි වී ඇනකොන්ඩා.. අගමැතිගේ වියදම් කපන යෝජනා විවාද බෑ.. අධිකරණය හරහට හිටී…
November 27, 2018 at 12:01 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වියදම් කපා හරින ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව විවාදයට ගත නොහැකි තත්වයක් උදාවී තිබේ.
ඊට හේතුව ඇත්තේ විපක්ෂ මන්ත්රීවරුන් එකසිය විසි දෙදෙනෙකු විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවකි.
නඩුව මගින් ඉල්ලා ඇත්තේ විශ්වාස භංගයක් සම්මත වී ඇති නිසා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ කටයුතු කිරීම වළක්වන ලෙසයි.
ඒ අනුව එකම කාරණාවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතිද්දී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාද පැවැත්වීම සිදු කළ නොහැකිය.
මේ තත්ත්වය මත මෙම විවාදය ඔහු යෝජනාව සාකච්ඡාවට ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් පාර්ලිමේන්තුව මාර්ග සඳහන් කරයි.
ඉල්ලගෙන කැමේ කෙළවරක් ඇත්තේම නැති පාටයි
Yes, subjudice
දෙවියන්වහන්සේගේ සර්වබලධාරි පුටුවට ටිකක් යටින් ඉඳගෙන ඉන්න අපේ රටේ කතානායක උතුමා, ඕනම විවාදයකට ඉඩ දෙයි ඒක මහින්දට විරුද්දව නම්…. ඒ නිසා ඔය නීති තර්ක වැඩක් නෑ මේ හොර ගෙඩි පාර්ලිමේන්තුව ඇතුලේ
hadisiwee koross katae atha dameema