හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් රෝහලට ගෙන ඒමට හෙලිකොප්ටර්..

December 9, 2016 at 5:30 pm | lanka C news
හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් රෝහලට ගෙන ඒමට හෙලිකොප්ටර්..

ශ‍්‍රී ලංකාෙවි අනතුරු හා හදිසි ප‍්‍රතිකාර පිළිබද ජාතික ප‍්‍රතිපත්තිය එළිදැක්වීෙමි උත්සවය අද දින (09) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාෙවි  ර්‍ණනුග සෙවණ” ශලාෙවි දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, ‘බෝනොවන රෝග ගෝලීය ප‍්‍රශ්ණයක්. එහි එක් අංශයක් වන්නේ හදිසි අනතුරුයි. වසරකට හදිසි අනතුරුවලින් 25,000 ක් පමණ මියයනවා. එම නිසා රෝහල් ආශ‍්‍රීතව හදිසි අනතුරු ප‍්‍රතිකාර ඒකක 28 ක් අපි ඉදිකරමින් සිටිනවා. රෝගියා කඩිනමින් රෝහල කරා ගෙනඒමත් ඉතාමත් වැදගත්. ඒ සදහා ඉන්දීය රජය මගින් ගිලන් රථ සියයක් ලබාදී තිබෙනවා. එය බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ෙමි වනවිට ක‍්‍රියාත්මකයි. ඉදිරියේ දී දිවයින පුරා ක‍්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත‍්‍රීයේ මා වෙත දැනුම් දුන්නා ජර්මනියේ ක‍්‍රියාත්මක ගුවන් මගින් හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් රෝහල්වලට රැගෙනඒෙමි වැඩපිළිවෙලක් පිළිබදව. මම පසුගිය කාලයේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික කමිටුවට ගුවන් මගින් රෝගීන් ගෙඒෙමි යෝජනාව ඉදිරිපත් කළා. ශ‍්‍රී ලංකාෙවි පවතින වාහන තදබදය නිසා රෝගීන් කඩිනමින් රෝහල්වලට රැගෙනඒමට ඇති එකම විසදුම ගුවන් මගින් අනතුරුවලට ලක්වන රෝගීන් ගෙනඒමයි. රෝගියෙකුගේ ස්වර්ණමය පැය තුළ රෝගියා රෝහල්වලට ඇතුළත් කළ යුතුයි. හදිසි අනතුරුවලින් පීඩා විදින ජනතාවට එය පිටිවහලක් වනවා. රෝගියෙකුට ක්ෂණික ප‍්‍රතිකාර ලබාදිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ බලාපොරොත්තුව හදිසි අනතුරු සියයට 30 කින් වත් අඩු කර ගැනිමටයි. ඒ සදහා මාර්ග භාවිතයේ නීතිරීති පද්ධතිය තදින් ක‍්‍රියාත්මක කරනවා. අයවැය යොජනා මගින් පැන වූ දඩ මුදල් එම ආකාරයටම ක‍්‍රියාත්මක කරනවා. විවිධ පිරිස් වලට අවශ්‍යතා පරිදි මාර්ග භාවිත කිරිමට ඉඩ ලබාදෙන්නේ නැහැ. සාධාරණ පාලනයක් ගෙන ඒනවා. මම කියන්න කැමැයි 2017 වසර නීතිය තදින් ක‍්‍රිාත්මක කරන වසර ලෙස යහපාලන රජය කටයුතු කරනවා කියලා”

– නිපුන් ඒකනායක

26 views
Main News