හදිසි ධන කුවේරයෙක් වූ ඇමති ලේකම් ඩොලර් ලක්‍ෂ ගණනක් රටින් පන්නයි.. රේගුව ඇල්ලූවත් තග දමයි..

November 14, 2016 at 10:40 am | lanka C news
හදිසි ධන කුවේරයෙක් වූ ඇමති ලේකම් ඩොලර් ලක්‍ෂ ගණනක් රටින් පන්නයි.. රේගුව ඇල්ලූවත් තග දමයි..

මෙරටින් පිට කිරීමට උත්සාහ දැරු ඇමරිකානු ඩොලර් ලක්‍ෂ ගණනක මුදලක් සමග ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු මැදිහත් වී සුළු දඩයක් පමණක් ගෙවා එම මුදල නිදහස් කරගෙන තිබේ.

මෙම මුදල් ඇමති ලේකම්වරයාගේ බවද තොරතුරු හෙලිව ඇති අතර ඔහු යහපාලන රජය යටතේ හදිසි ධන කුවේරයෙක් බවට පත්ව ඇත්තේ මෙරට මෙන්ම විදේශයන්ගේද සුඛෝපභෝගී නිවාස කිහිපයක්ද මිලදී ගනිමිනි.

මෙම ලේකම්වරයා අයත් ඇමතිවරයා සමග ඇති දේශපාලන ගැටුමක් හේතුවෙන් ඇමති සාගල රත්නායක විසින් අදාල සිදුවීම සම්බන්දයෙන් හා මොහු ධන කුවේරයෙන් වූ ආකාරය ගැනත් වහා පරීක්‍ෂණ අරඹන ලෙස රහස් පොලීසියට උපදෙස් දී ඇත.

28 views
Main News