හදිසි නීතිය දැම්මේ ඇයි.. ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..

March 7, 2018 at 7:03 pm | lanka C news
හදිසි නීතිය දැම්මේ ඇයි.. ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..

මහනුවර දිස්ත‍්‍රික්කය මූලි කර ගනිමින් ඇතිව තිබෙන කලකෝලාහල තත්ව ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

අද විශේෂයෙන් මා ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන්නේ, පසුගිය දින කිහිපය තුළ රටේ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ ජාතීන් අතර අසමගිය ඇතිවන, ගැටුම් ඇතිවන ඉතාමත් කනගාටුදායක සිද්ධීන් හේතුවෙන් රටේ ඇතිවී තිබෙන නොසන්සුන්තාවය නිසායි.

ඈත අතීතයේ සිටම අපේ රටේ අභ්‍යන්තර ගැටුම් වගේම ආක‍්‍රමණ පිළිබඳව අත්දැකීම් තිබෙනවා. එසේ වුවත් අපේ රට සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනකොටස් අතරේ සාමය, සමගිය, සහජීවනය සමග ඉතාමත්ම සාමකාමීව ජීවත් වූ රටක් වශයෙන් අපිට හැඳින්විය හැකිය. 1940 දශකයට අප ගියහොත් බි‍්‍රතාන්‍ය පාලනයෙන් අපේ රට නිදහස ලබා ගැනීම සඳහා සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් එක්වී සටන් කරමින් ජාතික නිදහස ලබා ගැනීමට එදා සමත් වූවා. එහෙත් පසුකාලීනව ජාතීන් අතර ඇතිවූ අසමගිය සහ ගැටුම් සහගත තත්ත්වය නිසා අපට දීර්ඝ කාලයක යුද්ධයකට මුහුණදීම තුළ ඛේදවාචකයන් රාශියක් ඇතිවී අප ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට පත්වූවා.

අප පසුගිය අවුරුදු තුනක කාලයක් මේ රටේ ජාතික සමගිය, සංහිඳියාව ඇති කිරීම සඳහා කැපවී කටයුතු කරන රජයක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මෙහිදී ගෙවීගිය දින දෙක, තුන තුළ අම්පාර සහ මහනුවර ප‍්‍රදේශවල ඇතිවූ සිද්ධීන්වලදී ජීවිත හානි, දේපළ හානි සිදුවී ඒ ප‍්‍රදේශවල ඇතිවූ නොසන්සුන්තාවය රට තුළ ප‍්‍රධාන වශයෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන පසුබිමක් ගොඩනැගී තිබෙනවා. ඒ සිදුවීම් තුළ ජීවිත හානි, දේපළ හානි වූ සියලුම පවුල්වලටත් ඥාතීන්ටත් මගේ බලවත් කනගාටුව සහ වේදනාව ප‍්‍රකාශ කරනවා වගේම එම ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා මා සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. මෙවැනි සිදුවීම්වලට මුල්වූ කුමන හෝ පාර්ශ්වයක පුද්ගලයින්, සංවිධාන, කණ්ඩායම් ඒ සියල්ලන්ටම විරුද්ධව දැඩි ලෙස නීතිමය වශයෙන් ක‍්‍රියාකළ යුතු බව මා පොලිසියට උපදෙස් දී තිබෙනවා.

මේ ඇතිවී තිබෙන තත්ත්වයන් සංසිඳවීමටත් එමෙන්ම නොසන්සුන් තත්ත්වයන් සමනය කිරීමටත් ප‍්‍රදේශවල සමගිය ඇති කරමින් රටේ සියලු දෙනාට සාමකාමීව සතුටෙන් ජීවත්වීමට හැකි වන පරිසරයක් ගොඩනැගීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ රාජ්‍ය නිලධාරීන්ටත් ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ටත් මා උපදෙස් දී තිබෙනවා මේ කටයුතුවලදී සෑම කෙනෙක්ම එක්ව කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

එමෙන්ම මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප ඉතාම පැහැදිලිව රට තුළ ගොඩනැගිය යුතු ජාතික සමගිය, සංහිඳියාව, විශ්වාසය, මිත‍්‍රත්වය ජාතීන් අතර ගොඩනැගීම සඳහා රජය විදියට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව මා ප‍්‍රකාශ කරන්නට ඕන. ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව මා සඳහන් කරන්නට ඕනෑ. ගෞරවනීය මහා සංඝරත්නය, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික නායකවරුන් සෑම කෙනෙක්ගෙන්ම මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ප්‍රාදේශීය දේශපාලනඥයින්ට අවශ්‍ය උපදෙස් දී මේ ගැටුම් වළක්වා ගැනීමටත්, ප‍්‍රදේශයේ ඇතිවන නොසන්සුන්තාවයන් සන්සිඳුවීමටත් උන්වහන්සේලාගේ මැදිහත් වීම ඉතාමත් අවශ්‍ය බව. පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය පැය 24 පුරාම ඊයේ සිටත් ඉදිරි දිනවලත් අඛණ්ඩව කටයුතු කරමින් ප‍්‍රදේශයේ සාමය ගොඩනැගීමට සියලු කටයුතු කළ යුතු බවට අප උපදෙස් දී තිබෙනවා.

මේ ඇතිවූ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට මම ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්වා එහිදී සාකච්ඡා කර මේ අවශ්‍ය පියවර ගත් අතර අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එක්ව සාකච්ඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම රට තුළ ඉතාමත් සාමකාමීව සන්සුන්ව කටයුතු කළ යුතුයි.

“න හි වේරේන වේරානී – සම්මන්තී ධ කුදාචනන්
අවේරේන ච සම්මන්තී – එස ධම්මෝ සනත්තනෝ”

වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැති බව අපි බෞද්ධයන් විදියට දන්නවා. ඒ නිසා බෞද්ධ රටක් විදියට කුමන ආකාරයෙන් හෝ හිංසාකාරී සිදුවීම්, ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් සිදුවෙනවා නම් එය අපේ රටට විශාල අගෞරවයක් සහ අවමානයක්. ඒ වගේම හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි සෑම ආගමික බැතිමතෙක්ම තමාගේ ආගමික දර්ශනය තුළ ඉතාමත් සාමකාමීව හා සහජීවනයෙන් ජීවත්වෙමින්, මේ නිදහස් පරිසරය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය අවශ්‍ය පිබිදීම් වලට ලක්කරමින්, ඉදිරි වැඩකටයුතු ඉතාමත් සාමකාමී ලෙස එක්ව කරමුයි කියන ඉල්ලීම මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්නටත් සමගිය ඇති කරන්නටත් ජාතීන් අතර සමගිය හා සුහදතාවය ඇතිකරන්නටත් සංහිඳියාව ගොඩනැගීමටත් රජය විදියට අප විසින් ගත යුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගනිමින් මෙම ප‍්‍රචණ්ඩකාරී කටයුතු කරන කුමන හෝ පාර්ශ්වයන්ට විරුද්ධව සියලු ආකාරයෙන් කටයුතු කරන බව මා මෙහිදී සඳහන් කළ යුතුයි.

ඒ වගේම නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාරයන් සමාජ වෙබ් අඩවි තුළින්, කටකතා තුළින්, දුරකථන ඇමතුම් තුළින්, බරපතළ ලෙස ජනතාව නොසන්සුන් කරමින් රට තුළ සාමය කඩකිරීමට කි‍්‍රයාකරන ඇතැම් පිරිස් සිටින බව පෙනී යන කාරණයක්. ඒ නිසා එවැනි පුද්ගලයන් පිළිබඳවත් අපි දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ කරන්න ඕන.

ඔබෙත් මගෙත් මාතෘ භුමියේ නිදහස් සාමකාමී පරිසරයක සතුටින් ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා මා විසින් අවශ්‍ය සියලු කටයුතු කරන බව ඔබට පැහැදිලි කිරීමට ලැබුණු මේ අවස්ථාව වැදගත් කොට සලකනවා.

ඔබ සියලුදෙනාටම ස්තූතියි.
තෙරුවන් සරණයි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

125 views

5 Comments to “හදිසි නීතිය දැම්මේ ඇයි.. ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..”

  1. ගන්ජ බන්ඩා says:

    ජාතින් අතර ගැටුමේ ප්‍රචන්ඩත්වය නිසා හදිසි නීතිය දමලා. අගමැතිට විරුද්ධ විශ්වාස භන්ගය කල් ගිහින්.
    රටට අවාසිය් රනිල්ට වාසිය්.

  2. SuMa says:

    අනේ මහතයෝ මේ ප්‍රශ්න බණ කියලා විසදන්න බෑ. එහෙම පුලුවන්නම් ජනතාව එකතුවෙලා තමන්ට නායකයෙක් පත්කරගන්නේ නෑනේ. ඒ නායකයාගේ නඩත්තුවට කෝටිගණන් බදු ගෙවන්නෙත් නෑ නේ. පන්සලකට, පල්ලියකට, කෝවිලකට යනවා මිසක්.
    විධායක ජනාධිපති තුමෝ.. කකුල් දෙකෙන් කෙලින් හිටගෙන හකලා තීරණ අරගෙන ක්‍රියාත්මක කොරහන්. (සමාවෙන්න… කොරන්න)

  3. අප්පුහාමිගේ මුණුපුරා says:

    සහජීවනය නැති වුනේ ජාතීන් වශයෙන් පක්ෂ හැදීමත් පාසැල් බිහි කිරීමත් නිසයි
    කරුනාකර ජාතිකත්වය මත පදනම් පක්ෂ හා පාස්ල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්න අහෝසි කරන්න.

    සහජීවනයයට ඇති එකම මග එයයි.
    ඔය අනික් බොරු විගඩම් නොවෙයි

  4. Asoka says:

    රටේ තත්වය පිළිබඳව දැනගන්න බුද්දි අංශයක් කියලා අතෙතේම නැද්ද මේ වගේ දේවල් දැනගන්න

  5. kalana says:

    මෙයාගේ හුරතල බදුර්දීන්නෙ, ඉතින් කොහෙද මේ රට ආරක්‍ෂිත වෙන්නේ.

    මොනවා කතා කලත් වැඩක් නැහැ, හම්බය රට අල්ලන Plan එක නවත්වන්න අවශ්‍ය කරන නීති ගේන්නෙ නැතිකල්, උන්ට වරප්‍රසාද සිංහල දෙස්පාලුවා විසින් දෙන කල් රට ආරක්‍ෂිත නැහැ. රට කන්නේ සිංහල දේශපාලුව, එකෙක් නෙමෙයි ඔක්කොම හිටපු එකත් උන්ට කළා (විල්පත්තු, ෂරිය Campus, හලාල්, බුර්ක, පල්ලි හදල දුන්න, කරන්න තියෙන ඔක්කොම කළා, දැන් ඉන්න උනුත් එහමයි. කෝ කුඩු ලොරිය, ගෙනාපු එකා කෝ? උන්ගේ වෙළඳ අදිකාරිය විනාස කාරී එකක්, ඊක නවත්වන්න දේශපාලුව මොකුත් කරන්නේ නැහැ, ඉඩම් අල්ලනවා, Town අල්ලනවා, පල්ලි හදනවා, වඳ බෙහෙත් දානවා, උන්ට වෙනම නීතියක්, ළමයි හදනවා රට අල්ලන්න බලාගෙන, කසාද බඳිනවා පුළුවන් තරම්. ඇයි රටට නීති 2ක්. ඉතින් කොහොමද මේ රටේ සිංහලයට ජීවත් වෙන්න පුළුවන්. ඇයි මේවා පේන්නේ නැද්ද මුන්ට? සිංහලයට ජාති වාදී කියා කියා ඉන්නේ. අනවසරයෙන් රටට හම්බය ඇවිත් පදිංචි වෙනවා, ඒවා හොයල ආරක්ෂා වැඩ කරන්නේ නැහැ. තමුන්ගේ හොරකම විතරයි. මේවා ඇත්තටම මුන්ට තේරෙන්නේ නැද්ද කරන්න උවමනාවක් නැද්ද?

Main News