හදිසි නීතිය වහාම ඉවත් කරන ලෙස ඇමරිකාව ආණ්ඩුවට අනතුරු අගවයි.. ඉන්දියාව තම ජාතිකයන්ට හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි…

March 7, 2018 at 3:26 am | lanka C news
හදිසි නීතිය වහාම ඉවත් කරන ලෙස ඇමරිකාව ආණ්ඩුවට අනතුරු අගවයි.. ඉන්දියාව තම ජාතිකයන්ට හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි…

යහපාලන ආණ්ඩුවේ මිතුරන් වූ ඇමරිකාව සහ ඉන්දියාවේ ප්‍රථමවරට ආණ්ඩුවට අනතුරු අගවා ඇති බැව් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන ‘අසීයා ඉන්’ වාර්තා කොට ඇත.

ඊට හේතුන ලෙස දක්වා ඇතතේ හදිසි නීතිය ඉවත් කර වසර කිහිපයකට පසුව නැවතත් ආණ්ඩුව විසින් හදිසි නිතිය පැනවීම නිසාය.

ඒ සම්බන්ධයෙන් ඇමරිකාව යහපාලන ආණ්ඩුවට අනතුරු ඇගවා ඇත්තේ වහාම හදිසි නීතිය ඉවත් කොට සියලුම ජාතින්ට සමගියෙන් සහ නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කල යුතු බව අවධාරණය කරමින් බවත් වාර්තාවේ දැක්වෙයි.

එසේම ඉන්දියාව විසින් ශ්‍රීලංකාවේ ජීවත්වන ඉන්දීය ජාතිකයන්ට හදිසි අවස්ථාවක තම මහ කොමසාරිස් කාර්යාලයන් අමතන ලෙස ඉන්දීය ආණ්ඩුව දැනුම් දී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රීලංකාවේ පැවැති 30 වසරක දරුණු ත්‍රස්තවාදී යුද්ධය අවධියේ එවකට ආණ්ඩු විසින් මෙරටේ හදිසි නීතිය ක්‍රියාත්මක කල අතර මහින්ද යුගයේ යුද්ධය 2009 අවසන් කල පසු එතෙක් පැවති හදිසි නිතිය ඉවත් කරන ලදී.

මූලශ‍්‍රය මෙතනින්

76 views

17 Comments to “හදිසි නීතිය වහාම ඉවත් කරන ලෙස ඇමරිකාව ආණ්ඩුවට අනතුරු අගවයි.. ඉන්දියාව තම ජාතිකයන්ට හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි…”

  1. Niru says:

    I doubt if the American republican government in Washington know what is happening in some Embassies overseas. US Diplomat like the one in Sri Lanka appear to do his own thing contradicting President Trumph,s campaign promise of non intervention. It is the duty of the government here to take this matter up with the Republicans in Washington

  2. ssp says:

    uddaya awasan karala hadisi nithiya iwath karala me ayata MR rata bara dunne. me ayage sobana athisayikthi sanhidiyawa nisa dan mokada ratta une.

  3. මහදැන මුත්තන් ගෙන් අවවාදයක් අපේ ලංකාවේ පංඹයන්ට නියමයි නේ??

Main News