හදිසි නීති රෙගුලාසි බලාත්මකයි.. ආරක්‍ෂක ලේකම්ගේ ප‍්‍රකාශය නොතකා සියළු තරු හෝටල් ඉදිරියේ අවිගත් සෙබළුන්…

April 25, 2019 at 3:00 pm | lanka C news
හදිසි නීති රෙගුලාසි බලාත්මකයි.. ආරක්‍ෂක ලේකම්ගේ ප‍්‍රකාශය නොතකා සියළු තරු හෝටල් ඉදිරියේ අවිගත් සෙබළුන්…

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම සිදු කිරීමත් සමග රට පුරා හමුදා සෙබළුන් ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ.

මුල් අදියරේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් තවත් භටයන් 5000ක් දිවයින පුරා ස්තානගත කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය කියා සිටී.

මේ යටතේ මහ බැංකුව, ලංකා බංකුව, මහජන බැංකුව ඇතුළු සියළුම රාජ්‍ය ආයතන මෙන්ම හිට්ලන්, ගලධාරි, ෂැංග‍්‍රිලා, සිනමන් ග‍්‍රෑන්ඩ් ඇතුළු සියළුම සංචාරක හෝටල් පිටකොටුව බස් නැවතුම, කොටුව දුම්රිය ස්තානය, අගරදගුරු නිවස්නය ඉදිරියේ හමුදා භට පිරිස් විසින් ආරක්‍ෂාව යොදා තිබේ.

කෙසේ වෙතත් පසුගියදා ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍යයට කියා සිටියේ හෝටල් යනු ව්‍යාපාරයන් බවත් ඒවායේ ආරක්‍ෂා ඔවුන් විසින් බලාගත යුතු බවත් ඒවාට ආරක්‍ෂාව දීම රටේ හමුදාවන්ගෙන් සිදු නොකරන බවත්ය.

557 views