හදිසි මාධ්‍ය හමුවක්.. උතුරු මැද ශ්රීලනිපය ගෙඩිය පිටින් පොහොට්ටුවට එක්වෙයි.. පේෂල ජයරත්න තනිවෙයි..
September 29, 2017 at 1:20 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් උතුරු මැද පළාත් සභාවට තේරී පත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අද දිනයේ එම පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම්. රංජිත් මහතාගේ නිවසේදී ප්රවෘත්ති සාකච්චාවක් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ පිරිස මෙසේය.
එස්.එම්. රංජිත්, එස්.බී. සේමසිංහ, කේ.එච්. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි, සරත් වීරසිංහ, කල්‍යාණී කරලියද්ද, උපාලි විජේකෝන්, ජනක මහේන්ද්‍ර, ටී.එම්.ආර් සිරිපාල, අබ්දුල් හුසේන්….
ප්රවෘත්ති සාකච්චාවේදී ඔවුන් කියා සිටියේ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර මහ ඇමති පේෂල ජයරත්න හා තවත් දෙදෙනෙක් පමණක් ඉතිරි කර සියළු දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වීමට නියමිත බවයි.