හදිසි මැතිවරණයක්..? ජනාධිපති-අගමැති-විපක්‍ෂ නායක තීරණාත්මක සාකච්චා..

June 8, 2019 at 10:08 pm | lanka C news
හදිසි මැතිවරණයක්..? ජනාධිපති-අගමැති-විපක්‍ෂ නායක තීරණාත්මක සාකච්චා..

පවත්නා දේශපාලන අවිනිශ්චිත බව තුරන් කිරීම සඳහා හදිසි මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධව ජනාධිපති සහ අගමැති අතරද, ජනාධිපති සහ විපක්ෂ නායක අතරද මූලික සාකච්ඡාවක් මේ සතියේ පවත්වා ඇත.

මහ මැතිවරණයක් හදිසියේ කැඳවන්නේ නම් ඒ සඳහා සහාය දීමට ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා ප්‍රතිපත්තියක් ලෙස එකඟත්වයකට පත්ව සිටිති’යි  වාර්තා වෙයි.

නමුත් අග්‍රාමාත්‍යවරයා තවමත් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැතැයි සඳහන් වෙයි.

එහෙත් ඒ සඳහා මැතිසබයේදී විශේෂ යෝජනාවක් සම්මත කළ යුතුය. ප්‍රධාන පක්ෂ සියල්ල එකඟත්වයකට පත්වන්නේ නම් මැතිසබයේදී ඊට අවශ්‍ය බහුතරය ලබාගැනීම පහසු කරුණකි.

එහෙත් එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් මෙන්ම එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද හදිසි මහ මැතිවරණ යෝජනාවට එකඟ නැතැයි දැනගන්නට ඇත.

කෙසේ හෝ මෙම කරුණ ගැන ඉදිරියේදී තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

– deshaya

166 views

15 Comments to “හදිසි මැතිවරණයක්..? ජනාධිපති-අගමැති-විපක්‍ෂ නායක තීරණාත්මක සාකච්චා..”

  1. හිච්චිමහත්තෙයා says:

    ඉන්න ඉන්න සෑම දොහකටම යූඇම්පි සිරිලංකා චංද අඩුවෙන බව මෙයැයිට නොතේරෙනවැයා?

    • ranil says:

      ඒ උනාට 29 වතාචකට වරක් එන එක අත් අරින්නෙ කොහොමද හලෝ. තමුසෙලා නං කියයි

  2. බන්ඩා says:

    දැන් ඇමති උප ඇමති අධීක්ෂණ මංත්‍රී තනතුරැ දරන උන්ට ඕනෑ මැතිවරණ පවත්වා පරදින්න නෙවෙය් කෙසේ හෝ බලයේ එල්ලිලා ඉන්නය්.

  3. හැකහැක says:

    3 idiots

  4. gorilla says:

    හදිසි චන්දයක් තිබ්බොත් වෙනදේ: පොහොට්ටුවට 2/3 කට වඩ බලයක් ලැබීම, රනිල් තව අවුරුදු 6 කට පාර්ලිමේන්තු ඒම, සජිත් ප්‍රේමදාස අනාත වීම.මුස්ලිම් මන්ත්‍රීන් ඉවත්වීම දඩමීමා අර ගනිමින් චන්දයකට යැම රනිල්ට ඉතාම වාසිදායකයි. පක්ෂය කොහොමත් පැරදෙන එකේ ජනාදිපතිවරණයකිනුත් පැරදිලා මහමැතිවරණයකට යන එකට රනිල් කොහොමත් කැමතිවෙන්නේ නැ. ඇරත් සජිත් ජනාදිපතිවරණයකට එන්නව දකින්න කොහෙත්ම කැමති නැ. මහමැතිවරණයක් එන්න ඉඩතියෙනවා පොහොට්ටුවේ නායකයන්ට මහමැතිවරණයක් ලබාගන්න මොලේ පැදේවා!!!

  5. සිංහල බන්ඩා says:

    පලාත් පාලන චන්ද තියන්න ඈලී මෑලීදුබල ගතියෙන් පෙලිච්ච උන් පලාත් සභා චන්ද නොතියන උන් පාර්ලිමේන්තු චන්ද තියය්ද හලෝ.

    • අපි යූඑන්පී says:

      චන්ද වලට වැය කරන මුදල් අපරාදෙ කරන නාස්තියක්. රනිල් තුමා අපට හොඳා

  6. Sun says:

    Old fellows have ruined the country. No knowledge in politics and crazy of power and misuse taxpayers money. How can we expect development from such politicians. All are blank talk nonsense to people. That is why the country is in a standstill. Common man don’t trust the politicians now. They are all playing baby games and cannot see what is going to happen in the future.

  7. KP says:

    පරදින බව සැකයක් රනිල්ටත්නෑ . ඒත් ඌට ඒකෙන් වැඩකුත් නෑ. ඌ මේකට එකඟ නැත්තේ ඌට බාර දීපු වැඩ ටික තාම ඉවර නොකල නිසා…

  8. RAYMOND says:

    සජිත් ට කොන්ද පන නැති නිසා ඡන්දය කට බයයි

  9. Open mind says:

    මුල ගලවා මිස අතු කපලා වැඩක් නැහැ. ඊට පස්සෙ බාල අතු ලියලයි.

  10. Asoka says:

    ශිහ් අතට ගත්ත ටික කටට දාගන්නවත් බැරිවෙයිද දන්නේ නැහැ. කොහම හරි එල්ලිලා හිටියොත් මුන්ට රට ඉවරම කරන්න පුළුවන්

Main News