හදුන් දිවියෙකු මරා මස් විකුණමින් සිටි අයෙක් අත්අඩංගුවට…

June 10, 2019 at 2:05 am | lanka C news
හදුන් දිවියෙකු මරා මස් විකුණමින් සිටි අයෙක් අත්අඩංගුවට…

තේ වත්තේ මන්දක් අටවා හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

සැකකරු විසින් තේ වතු වල සැරිසරන හදුන් දිවියෙකු මන්දක් අටවා අල්ලා ඝාතනය කර මස් කර වතු කම්කරුවන්ට අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසියේ  බුද්ධි අංශයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඝාතනය කරන ලද හදුන් දිවියාගේ මස් විශාල ප්‍රමාණයක් අලෙවි කර තිබු බව පොලිසිය පැවසුවේය.

ඝාතනය කරන ලද හදුන් දිවියාගේ හිස , පාද සහ සම සැකකරු විසින් ඔහුගේ ගෙවත්තේ වල දමා තිබියදි පොලිසිය විසින් සොයාගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,586 Viewers