හදුනාගත් අයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ.. වෛරසය පාලනය අසීරුයි..- සුදර්ශනී

May 6, 2021 at 1:20 pm | lanka C news
හදුනාගත් අයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ.. වෛරසය පාලනය අසීරුයි..- සුදර්ශනී

මෙරට හඳුනාගෙන සිටින කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ සිටිය හැකි යැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරයි.

අද වන විට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇතැයි ද ඇය කියා සිටියාය.

කොරෝනා පරීක්ෂණ සිදුකළ අය එම වාර්තා පැමිණෙන තුරු නිවසෙන් එලියට නොගොස් නිවසටම වී සිටින්නයි ද අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනතාව ඉදිරි සති දෙක තුනක කාලය අනවශ්‍ය ලෙස ගමන් බිමන් නොගොස් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළහොත් වෛරස් ව්‍යාප්තිය පාලනය කළ හැකි වනු ඇති බවත් එසේ නොකළ හොත් වෛරසය වේගයෙන් පැතිර යාම පාලනය කිරීම අසීරු විය හැකි බවත් ඇය කියා සිටියාය.

මේ දිනවල සිදුකරන කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ඉහල හේතු නිසා එම වාර්තා ලැබීමේ යම් ප්‍රමාදයක් ඇති වන බවද ඇය තවදුරටත් පැවසුවාය.

53,115 views

17 Comments to “හදුනාගත් අයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ.. වෛරසය පාලනය අසීරුයි..- සුදර්ශනී”

  1. Rohana says:

    She is the only minister telling the truth and having a knowledge about the pandemic

  2. Ravana parapura says:

    හෙල වෙදුන්ට කනේ පහර ගහලා දැන් ලැජ්ජා නැතුව කියනවා පාලනය ක‍රන්න අමාරුයි කියලා. කරුණාකර ඉල්ලා අස්වෙන්න.

  3. චන්දිමානි says:

    ආ… දැන් සමාජගත වෙලා ද? අපි හිතුවෙ තවම සමාජගත වෙලා නැහැ කියලා. නවදාද සමාජගත වුනේ?

  4. චන්දිමානි says:

    ආ… දැන් සමාජගත වෙලා ද? අපි හිතුවෙ තවම සමාජගත වෙලා නැහැ කියලා. කවදාද සමාජගත වුනේ?

Main News