හදුනාගන්නා ආසාදිතයන් මෙන් දෙතුන් ගුණයක් ආසාදිතයන් සමාජයේ.. වහාම උපරිම සංචරණ සීමා දමන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය

May 5, 2021 at 3:50 pm | lanka C news
හදුනාගන්නා ආසාදිතයන් මෙන් දෙතුන් ගුණයක් ආසාදිතයන් සමාජයේ.. වහාම උපරිම සංචරණ සීමා දමන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය

දිනකට හඳුනාගන්නා කොරෝනා රෝගීන් ප්‍රමාණය 2,000කට ආසන්න වෙමින් තිබියදී එමෙන් දෙතුන් ගුණයක් සමාජයේ නිදැල්ලේ සිටින බව ‍ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයන්ට වෙන්කර ඇති රෝහල් ඇදන් ඉතාම සීඝ්‍රයෙන් පිරී යමින් ඇති බවත් දැඩි සත්කාර ඒකකද වේගයෙන් පිරි යමින් තිබෙන බවත්ය.

ඉතාම සීඝ්‍රයෙන් රෝහල් පිරි යමින් තිබෙන බැවින් අත්‍යයවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යමින් උපරිම සංචාරණ සීමා පනවන ලෙස ද ඇය ඉල්ලා සිටියා ය.

52,206 views

8 Comments to “හදුනාගන්නා ආසාදිතයන් මෙන් දෙතුන් ගුණයක් ආසාදිතයන් සමාජයේ.. වහාම උපරිම සංචරණ සීමා දමන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය”

  1. මිල්රෝයි වෙන්නප්පුව says:

    මට මතකයි මෙතුමියම කිව්වා අපේ රටේ කොරෝනා සමාජ පැතිරීමක් නෑ කියලා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

  2. මරතේනිය් අයියා says:

    මෝඩ තකතීරැ දේශපාලුවන්ට ඕවා කියලා වැඩක් නෑ

  3. Kelegama says:

    බොහෝ බයියන්ගේ මතය සංචරන සීමා පැනවීම ආර්තිකය කඩාවැටීමට හේතුවක් වෙනව කියන එකනේ. ඒක කෙටි කාලයක් කරල නැවත රට විවෘත කිරීමෙන් සිදුවන ආර්තික හානියට වඩා හානියක් ටිකෙන් ටික රට වැසීමෙන් සිදුවිය හැකියි. විශේෂයෙන් මාස ගනනක් එසේ කරද්දී කොරෝනා රෝගීන් වැඩීවීම නිසා දරන්න යන වියදම සති 2 ක් විතර රට වසාදැමීමෙන් සිදුවන ආර්තික හානියට වඩා විශාල විය හැකිය. අනෙක් අතට මරණ වැඩිවුවහොත් ඇතිවන ජනතා අපරසාදය ද වැඩිවිය හැකිය. තවද රෝගී හා දුර්වල වූ ජනතාවක් සමග රටේ අනාගත සංවර්ධනය කෙසේ වේදැයි අවධානය යොමු කළ යුතුය.

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    ආසාදිතයින් කොච්චර හිටියත්, කාලි අම්ම කියපු සාදික්කා පැණිය ගහලා, ඉගුරු, කොත්තමල්ලි බීල ඉන්න නිසා අසාධ්‍ය වෙන්නෙ නෑ.

    අසාධ්‍ය වෙන්නෙ ජෙප්පොන්ට රැවටිලා මුකුත් නොකර හිටපු සෙට් එක.

  5. dedta says:

    sar ge economy eka kadan wetenawalu 😀😀

  6. david milibanda says:

    Tell that damn idiot of a political Mad Dog Gamini Lokuge…….to lockdown.

  7. කපුටා says:

    මුන් මගුලක් කතාකරනවා. රට මාසෙකට හරි වහන්න පුලුවන්. ආන්ඩුවේ සේවකයන්ට ඒ කාලය තුල වැටුප් නොගෙවා ඒ මුදලින් ආන්ඩුවේ සේවකයන්ද ඇතුලු සියලුදෙනාටම කන්න දෙන්න ඕනෑ. ඒ වගේම ජල, විදුලි ආදි සියලු බිල් පියවන්න ඕනෑ. නැතිනම් දුප්පත් මිනිස්සු කන්න නැතිව මැරේවි.

  8. sunimal says:

    මේ අයව සොයා ගන්න සුනකයන් පුහුණුකළ යුතුය. සමහර රටවල් මෙය කරගන යනවා

Main News