හදුනාගන්නා ආසාදිතයන් මෙන් තුන් ගුණයක් සමාජයේ නිදැල්ලේ..

August 16, 2021 at 4:40 pm | lanka C news
හදුනාගන්නා ආසාදිතයන් මෙන් තුන් ගුණයක් සමාජයේ නිදැල්ලේ..

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇදිරි නීතිය, සංචරණ සීමා හෝ ලොක්ඩවුන් ක‍්‍රමවලට වඩා අත්‍යවශ්‍ය වන්නේ ජනතාව ඒකරාශී වීම වළක්වා ගැනීම බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ නිසා අනවශ්‍ය ගමන් බිමන් සාද පැවැත්වීම වැනි ජනතා ඒකරාශී වීමෙන් වළක්වා ගත යුතු බවද ඔහු පවසයි.

රට පසුවන්නේ තීරණාත්මක අවස්ථාවක නිසා කොරෝනා වෛරසය තමන්ට වැළඳීම වළක්වා ගැනීම මෙන්ම තම පවුලේ අය හිතවතුන් ඉන් බේරා ගැනීමද වැදගත් බව ද ඔහු පැවසීය.

එනිසා අත්‍යවශ්‍ය දේකට හැර නිවසින් බැහැරට නොයන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

දැනට වාර්තා වන ආසාදිතයන්ට වඩා මේ වන විට තුන් ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ආසාදිතයන් සිටිය හැකි බව ද පැවසූ ඔහු දැනට ආසාදිතයන් ලෙස හඳුනාගන්නේ පරීක්ෂණ කරන පිරිසෙන් පමණක් බවත් පැවසීය.

එනිසා තවත් රෝග ලක්ෂණ නැති පුද්ගලයන් සේ ම පරීක්ෂණවලට ලක්නොකරන අය ද සමාජයේ ඕනෑතරම් සිටිය හැකි බවද ඒ මහතා කියා සිටී.

24,663 views

6 Comments to “හදුනාගන්නා ආසාදිතයන් මෙන් තුන් ගුණයක් සමාජයේ නිදැල්ලේ..”

  1. Dilan says:

    අනිත් රටවල් වල මිනිස්සු මැරෙන අතරේ ලංකාව හොඳට තියන කොට මෙතන බඩ පිනුම්, හිටි පිනුම් ගහපු උන් සේරම දැන් මැරිලද?

  2. ගම්පහ ජනතාව says:

    ගම්පහ මහ රෝහලට සහ ගම්පහ MOH එකට තව පහසුකම් , ප්‍රතිපාදන රජයෙන් ලබාදෙන්න… !

  3. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  4. Covid Appuhamy says:

    The message is loud and clear. People need to look after themselves. This Government is unable to do more than this.

  5. sunimal says:

    ජනතාවගේ සරීරයේ ප්‍රතිසක්තිය අඩුවීමට ප්‍රදාන හේතුව මත්පැන් සහා දුම්පානයයි. දරුවන්ට ෂණික ආහාර.

  6. කුඹුක්කණ් says:

    වෛද්‍යවරු ඉන්නෙ මාධ‍ය ප්‍රකාශ දෙන්නද?
    උඹලට මොකටද බං පඩි ගෙවන්නෙ..

    කොරෝනා හොද කරන්න උඹ්ලට බැරි නං පලයල්ලා, කරන්න පුලුවන් එකෙක්ට දීලා.
    මාධ‍ය ප්‍රකාශ දෙන්න, statistics ඉදිරිපත් කරන්න මාධ්‍යවේදින් කියලා උන් ඉන්නවනේ.

Main News