හන්තානේ ඉහල ඉඩම් කට්ටි කරයි.. පර්චසය ලක්‍ෂ 03 බැගින් වෙන්දේසියේ…

September 11, 2020 at 12:00 pm | lanka C news
හන්තානේ ඉහල ඉඩම් කට්ටි කරයි.. පර්චසය ලක්‍ෂ 03 බැගින් වෙන්දේසියේ…

මහනුවර හන්තාන කඳුවැටියේ ඉහළ කොටසේ අක්කර 20 ක පමණ ප්‍රදේශයක් සංවර්ධන කටයුත්තක් සඳහා හෙළිපෙහෙළි කරමින් ඇතැයි හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

මෙසේ හෙළි කරමින් ඇත්තේ හන්තාන උඩුවෙල උඩගම නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ජල පෝෂක කලාපයක් යයිද සංවිධානය පවසයි.

කඳුවැටියේ අඩි 2500-3000 අතර කලාපයේ මෙම කොටස පිහිටා ඇති බව ද මේ දිනවල මෙම ඉඩමේ මානං ඉවත් කරමින් ඇති බවද සංවිධානය පෙන්වා දෙයි.

එම කොටස් එම ඉඩම කොටස් අලෙවි කිරීම සඳහා එළිපෙහෙළි කරමින් ඇති අතර පර්චසයක් රුපියල් ලක්ෂ තුන බැගින් විකිණීමට නියමිත බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේ අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ අදාළ ඉඩම් කොටස මීට වසර දෙකකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේ අයෙකුට නිත්‍යානුකූල ලෙස ලබාදුන් එකක් බවයි.

නමුත් මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ හන්තාන කළාපයේ කිසියම් කටයුත්තක් සිදු කරන්නේ නම් අවසර ලබා ගත යුතු බවය.

25,548 views

4 Comments to “හන්තානේ ඉහල ඉඩම් කට්ටි කරයි.. පර්චසය ලක්‍ෂ 03 බැගින් වෙන්දේසියේ…”

  1. aniwa says:

    Jaya wewa sir !
    no one needs these forests anyway. we need to promote business in this country. Appachchi knows best.

    • LION says:

      මේ සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේ අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ අදාළ ඉඩම් කොටස මීට වසර දෙකකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේ අයෙකුට නිත්‍යානුකූල ලෙස ලබාදුන් එකක් බවයි…. පරිසරය විනාශ කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේ අධ්‍යක්ෂ වරයා සම්බන්ධ නම් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි …මේ නිසා මහනුවර අවට ප්‍රදේශයට සිදුවන්නේ විශාල අනතුරකි //ජලය සිදි යෑම වැනි නොයකුත් ප්‍රශ්න ඇතිවිය හැකියි ….මහනුවර නගර සභාවත් ඉඩම් සම්බන්ධව නොයකුත් දුෂණ ක්‍රියා සිදු කරයි .සිංහල ඉඩම් මුස්ලිම් ජනතාවට හොර ඔප්පු සකසා ලබා දෙන බවට රාවයක් ඇත ..ඒවා ගැනත් දැඩි අවධානයක් යොමු කල යුතුයි ..

  2. 2015 මීහරකා says:

    අපි එහෙම තමයි.
    අපේ දේ අපට ඕන විදියට.
    මතක නැත්ද, මහ බැංකුව තිබුනෙත් අපට, වරායවල්, එයාපෝට්, පොලෝසි, උසාවි, ඒව ඔක්කොමත් තිබුනෙ අපට.
    මේක අපේ පුද්ගලික දේ. ඔය සෑර්ල අපට මොනව කොරන්නද?

  3. ළිහිණි says:

    සිංහලයින්ගේ ඉඩම් ප්‍රමිති ලබා නොදෙමින් එම ඉඩම් හොර රහසේ මුස්ලිම් ජනතාවට අයත් කරදීමට නගර සභාවේ ඇතැම් නිලධාරීන් ක්‍රියා කරයි ඒගැන පරීක්ෂණ ආරම්භ කරන්න .විදේශීය රටවල සිටින සිංහලයින්ගේ .ඔප්පු වල අංක වෙනස් කරමින් ඔවුන් ලොකු අල්ලස් ජාවාරම් කරමින් සිටි ..ප්‍රාදේශීය මන්ත්‍රීවරුද මේවාට සහය දේ …

Main News